මොහොමඩ් අස්මාන්ගේ සොහොන හාරා මළ සිරුර රැගෙන ගියා දැයි ඥාතිහු සැක කරති
පසුගිය දා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් අමානුෂික ලෙස පහර දී මරා දමන ලද මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන්ගේ මෘත දේහය තැන්පත් කර තිබු සොහොන හාරා ඇතැයි ඔහුගේ ඥාතීන් මත්තේගොඩ පෙලිසීයට ඊ (02) සවස පැමිනිල්ලක් දමා ඇත.
මත්තේගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජනයාගේ අවමඟුල් කටයුතු සඳහා වෙන් කළ කනත්තක අස්මාන්ගේ අවසන් කටයුතු සිදු කර තිබේ.
ඔහුගේ අවසන් කටයුතු සිදු ඇත්තේ අගෝස්තු 08 වනදා රාත්‍රි 10 ට පමන වන අතර මළ සිරුර භුමිදානය කරන දවසේ මුරකරු වන රහීම් කනත්තේ සිට නැති බවත් ඔහු නැවත සේවයට පැමින ඇත්තේ 15වනදා බවත් කනත්ත දෙසින් ගඳක්ධා දැනී සොයා බලද්දී ,අස්මාන්ගේ සොහොනේ එක පැත්තක් හාරා තිබෙන බව රහීම් දැක ඇත. ඒ පිළිබඳව කනත්තේ අයත් පල්ලියේ සභාවට ඒ පිළිබඳව ඔහු විසින් දැනුම් දී ඇත. බලධාරීන් වළ වසා දමා නිහඬ සිටින්නැයි රහීම්ට කියා තිබිණ. රහීම් පසුව අස්මාන්ගේ සහෝදරයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

පල්ලියේ නියමයේන් පසු වළ වසා දමා ඇති අයුරු.
අස්මාන් මිය ගොස් ඇත්තේ අමානුෂික ලෙස පහරදීම නිසා බවත් ඔහුගේ ශරීරයේ තුවාල කැළැලි 58 ක් තිබෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරීයා තමා සමඟ පැවසු බව අස්මාන්ගේ සහෝදරියක් මාධ්‍යයට පවසා තිබුණාය. බන්ධනාගාර නිලධාරීන් අස්මාන් ඉලක්කර කර පහරදී මරා දැමු බව සිද්ධිය වන අවස්ථාවේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදනෙකු මේවන විටත් මාධ්‍යයට හමුවට පැමින තොරතුරු අනාවරනය කර ඇත. එම නිසා අස්මාන්ගේ මළ සිරුර අතුරුදන් කිරීමට හෝමොහොමඩ් එහි කොටස් ඉවත් කිරීමට ඔහු මරා දැමීම සම්බන්ධව චෝදනා ලැබ සිටින පිරිස් කටයුතු කළා ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතු කෙරේ. මිට පෙර රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ හකු ඇට සහ ශරීරයේ කොටසුත් අතුරුදන් කර තිබුණි.

මත්තේගොඩ මුස්ලිම් පල්ලියේ කනත්තට පිවිසෙන දොරටුව
බන්ධනාගාර නිලධාරීන් අස්මාන්ව මරා දැමුවේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක කොන්ත්‍රාත් එකකට යැයි චෝදනා එල්ල වී ඇත. අස්මාන් හෝමාගම හඳපාන්ගොඩ හඳයගේ වෙඩික්කරුවෙකු බව පොලිසිය පවසයි. ඔහුව මැගසින් බන්ධනාගාරයේ රදවා සිටියේ දෙහිවල කොස් මල්ලීගේ ගෝලයන් සමඟය. හඳපාන්ගොඩ හඳයා සහ කොස් මල්ලී එක පාර්ශ්වයක් බවත් වාර්තාවේ.
අගොස්තු 06 වෙනිදා රාත්‍රි 09 ට පමන මැගසින් බන්ධණාගාරයේ නිලධාරීන් සහ රැදවියන් අතර නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බවත් එම සිද්ධිය සිදු වී පැයකට පමන පසු ඒ නම් රාත්‍රි 10 ට පමන යකඩ පොලු සහ පොලු රැගත් 300 පමන සිවිල් ඇදුමින් සැරසුනු නිලධාරීන් පිරිසක් කෑගසා ගෙන පැමින සෙල් වල ඉබි කඩා මුලින් චුට්ටාවත් පසුව සම්පත් සහ ඔහුගේ අයියා වන ෂුටර්ත්ව එළියට ගෙන පහර දී ඇත. මුලින්ම සොයා ඇත්තේ අස්මාන්ව බවත් පසු අස්මාන්ව සෙල් එකෙන් එළියට රැගෙන යකඩ පොලු වලින් හා ව්‍යායාම කිරීම සඳහා භාවිතා කරන ජිම්බල් එකකින් ඔහුගේ ඔලුවට සහ මුහුණ පහර දී ඇත. මෙම පහරදීම සිදුව ඇත්තේ රැදවියන් 45 දෙනෙකු රඳවා සිටි තැනක 09 දෙනෙකු ඉලක්කරය. නිලධාරීන් රැඳවියන්ට පහර දී බිම දිගේ ඇඳ ගෙන ගොස් ඇත . පසුව වැන් රථයක දමාගෙන ගොස් බන්ධනාගාර රෝහල රැගෙන තිබේ. නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා අස්මාන් පසු පාන්දර එම රෝහලේදී මිය ගොස් තිබිණ.