අධිකරණයට අත තියලා දිනපු එකෙක් නෑ ඉඳලා
සමගි ජන බලවේග පක්ෂය “අධිකරණයට අත නොතබනු” යැයි ජාතික ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බලකමින් විරෝධතා උද්ඝෝෂණයක් අද (03) පස්වරුවේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැත්විණ.
එම විරෝධතා උද්ඝෝෂණය සමජබ පක්ෂය මගින් සංවිධානයකර තිබු අතර පාර්. මන්ත්‍රී දයාසිර ජයසේකර , පාර්. මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත , හිටපු පාර්.මන්ත්‍රී චන්දීම වීරක්කොඩි සහ හිටපු පාර්.මන්ත්‍රී චරිත හේරත් යන අය ද සහභාගි වී සිටියහ.
මෙම උද්ඝෝෂණයට සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදය පරමාධිපත්‍ය අනතුරේ, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන 22 හකුළා ගනිව්, නීතියේ අධිපත්‍යය කෙලසන්න එපා, අධිකරණය ස්වාධීනත්වයට අත නොතබනු සහ අධිකරණය විධායකයේ අතකොළුවක් වීම වළක්වමු යන සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් උද්ඝෝෂකයෝ ජනපතිට අපි කියන්නේ ජන මතයට ගරු කරන්න, අධිකරණෙට අත තියලා දිනපු එකෙක් නෑ ඉඳලා, කන්ටේනර් මුලින් ගිල්ලා -ගල් අගුරුත් මුන් කෑවා -ඩොලර් ටිකාත් පිල්ලි ගැහුවා යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරත වුහ.









