අසුඅටේ – ත්රස්ත(PTA) පනතෙන් -තඩි බෑවා -මතක -නැද්ද?
ජනතාව අපරාධකරුවන් සහ ත්රස්තවාදීන් කරන ත්රස්ත පනත වහා හකුළා ගන්නැයි ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බල කර ඊයේ (29) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.
එම විරෝධතාවය වෘත්තීය සමිති සහ ජනතා බලය සංවිධානය මගින් සංවිධානය කර තිබුණි.
මෙම විරෝධතා උද්ඝෝෂණයට කම්කරුවෝ ,මහජනයා සහ සිවිල් සංවිධාන වල නියෝජිතයෝ සහභාගි වී සිටියහ.
PTA – ඇතුළු පනත්
මර්දනයට -ගෙනා පනත්
අකුගන්න -පොරොන්දුවපිට
ජන්ද -ගත්ත ආණ්ඩුවක්
ප්රජාතන්ත්රෙ -සිහින මවලා
අලේ ජන්ද -කොල්ල කෑව
ජන පීඩක -ආණ්ඩුවක්
ජන වරමට -පයින් ගහලා
විදේචනය – කරන්න බෑ
විරුද්ධ මත -දරන්න බෑ
උද්ඝෝෂණ -කරන්න බෑ
ජ්රජාතන්ත්රෙ -අකුළ දමලා
හැත්තෑ එකේ – අසු අටේ
ගුටි කෑවා – මතක නැද්ද?
තරුණ දරුවෝ -මහ පාරේ
මරලා දැම්මා – මතක නැද්ද?
PTA – පනත් ගෙනත්
උතුරුකරේ – මිනීමැරුවා
දකුණුකරේ- මිනී මැරුවා
ගේනපනත-ඊට හපන්
සිහල දෙමළ -මුස්ලිම් අපි
කොයිකාටත් =වින්නැහියක්
ඉගුරු දිලා – මිරිස් ගත්තා
ත්රස්ත පනත – මර උගුලක්
කම්කරුවනි – විදී බසිමු
ගොවි ජනයනි- විදී බසිමු
සිසු සොයුරනි- විදී බසිමු
ත්රස්ත පනත – ඉරා දමමු. යන සටන් පාඨ කියමින් ධණපති රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කරන මුවාවෙන් ජනතාවගේ අයිතීන් අහිමි කරන මර්දන පනත් වහා හකුළා ගනු ! ජනතාව දඩුකදේ ගසන PSTA පනතට එරෙහි වෙමු! ජනතාවගේ නිදහස් පාගා දමන මර්දන පනත් වහා හකුලා ගනිව් !සහ මාධ්ය නිදහස් හකුළන ත්රස්ත පනතට පරාජය කරමු! යන සටන් පාඨ ලියන ලද පුවරු ඔසවා ගත් උද්ඝෝෂකායෝ පැයකට ආසන්න කාලයක් විරෝධතායයේ නියැලුනහ.
මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා 300 පමනක් පිරිසක් සහභාගි වී සිටියහ.





