බන්ධනාගාර නිලධාරීන් මරා දමන ලද රැඳවියන්ට වන්දි ගෙවන්නැයි ශ්‍රී ල.ම.හි.කො.ස.ආණ්ඩුවට කියයි !
මිගමු බන්ධනාගාර ගැටුමෙන් අගතියට පත් වු රැඳවියන්ට යුක්තිය ඉටු කරන්නැයි ජවිපෙ /ජාජබ ආණ්ඩුවට බල කර අද (18) පෙරවරු (10) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ.
එම විරෝධතාවය සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී , වෙඩි තබා ඝාතනය කරන ලද රැඳවියන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ පිංතුර ප්‍රදර්ශනය කරමින් අද උදේ මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිතර වුහ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නියෝජිතයන් සහ මරා දමන ලද රැඳවියන්ගේ දෙමව්පියන්ගෙන් පිරිසක් මානව හිමිකම් කොමිසම් සභාවේ නියෝජිතයෙකු සමඟ සාකච්ජා කළ අතර එහි දී මරා දමන ලද රැඳවියන්ට වන්දි ගෙවීමට නිර්දේශ කර ඇති බවත් මීගමු බන්ධනාගාරය තුළ අපරාධයක් සිදු වී ඇති බවට මානව හිමිකම් කොමිසම පිළිගන්නා බවත් එම නියෝජිතයා පවසා ඇත.













