ජනතා අරගලයට අපේ සහය-ජනමාධ්‍යවේදීන්

DSC05554

ජනමාධ්‍යවේදීන් ජනතා අරගලයට සහය දිම සදහා ඊයේ (20) කොටුව දුම්රිය ඉදිරිපිට සිට පෙළපාලියෙන් ගාලුමෝදර පිටියට ගමන් කළහ .

ඉලෙක්ට්‍රොනික් , මුද්‍රිත සහ වෙබ් අඩවි වල සේවය කරන ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ .

ගෝඨාභය මේ අභපන්
ලසන්ත මැරුවේ කවුද කියාපන්
පෝද්දලට ගැහුවේ කවුද කියාපන්
එක්නැළිගොඩ රැගෙන ගියේ කවුද කියාපන්
සියතට පාහර දුන්නේ කවුද කියාපන්
සිරසට පාහර දුන්නේ කවුද කියාපන්
උදයන්ට ගිනි තැබුවේ කවුද කියාපන්

උතුරේත් මැරුවා -දකුණේත් මැරුවා
දහස් ගණන් මිනිසුන් උඔලා මැරුවා
අප රැවටුණා – උඔලා රැවටුවා
අපි තොපිව පෝරකයට නග්ගනවා

ජනමතයට – හිසනමපන් නම්බුපිටින් – බැස පලයන්
ජාතිවාදය – එපා
ආගම්වාදය -එපා
එවා දැන් – හරි යන්නේ නැහැ යන සටන් පාඨ කියමින් හා පුවරු ඔසවාගෙන ජනමාධ්‍යවේදීන් පෙළපාලියේ ගමන් කළහ .

ගලුමෝදර පිටියට පැමිණි ජනමාධ්‍යවේදීන්ව එහි සිටි ජනතාව ඉතා උණුසුම් අන්දමින් පිළිගත්හ.

ශ්‍රී ලංකා ව ෘත්‍තිය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය මගින් එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් හට PRESS නම මුදාණය කළ මාධ්‍ය ආවරණ
කබා ලබා දෙන ලදී .

DSC03394
DSC03495
DSC03429
DSC05526