ලංකාවේ ආහාර උද්ධමනය 80%ට ආසන්නයි

Sri Lanka's food inflation nears 80% - World Food Program
රටේ පසුගිය 2022 මැයි මාසයේදී සියයට 58ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී සියයට 75.8 දක්වා ඉහළගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එසේම ඔවුන් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.
කෝටි දෙකකට ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ වසර 70ක් තුළ උදාවූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් ගෙන එන ලද දුෂ්කරතාවලට ජනතාව මුහුණ දෙමින් සිටින බව ලෝක ආහාර වැඩසටහන පවසයි.