රට එකාධිපතිත්වය කරා රැගෙන යන පාලකයන් එළවා දැමීමට සුදානම් වන්න – අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්

The archbishop of Colombo Cardinal Malcolm Ranjith finishes a press conference in Archbishop's House ,Colombo, Sri Lanka, on May 6, 2019 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)
අද රටේ ඉන්න පාලකයෝ සහ නායකයෝ මිනිස්සුන්ට එරෙහිව අත්වැල් බැදගෙන වැඩ කරනවා . පස්ස දොරෙන් ඇවිල්ලා අයුතු බලතල පාවිච්චි කරලා මිනිස්සුන්ගේ නිදහස සීමා කරන්නට නීති ගෙන එමින් සිටිනවා. එම නීතී පාවිච්චි කරලා අපේ රට එකාධිපතිත්වයක් කරා ගෙන යෑමට සුදානම් වෙනවා .එකට ඉඩ දෙන්න බැහැ වගේම ඉඩ දෙන්නේ නැහැ . එවැනි අය එළවා දැමීමට සුදානම් විය යුතු බව අගරදගුරු කාදිනල් මැල්ලකම් රංජිත් මහජනයාට අවධාරණය කළහ .
ශීලාචාරභාවය , විනයානුකුල භාවය සහ හෘදසාක්කියට අනුව වැඩ කරන පාලකයන් අතර දක්නට ලැබෙන්නේ නැහැ .අපි අරගලයක් කරලා ඉල්ලුවේ නීති වෙනස් කරනවාට වඩා ක්රමයේ වෙනසක් ,යුක්තිය, අයුක්තිය බවට හරවලා නීතිය අවනීතිය කරලා පාලකයෝ උත්සහ කරන්නේ රට එකාධිපතිත්වය කරා ගෙන යෑමට බව කාදිනල් මැල්කම් රංජිත් පෙන්වාදුන්හ .
ඔහු එසේ පෙන්වාදුන්නේ අද (08) පැවති මාධ්‍ය හමුවකදීය .
මේ රට ඉදිරියට ගෙනි යන්න නම් පිටකොන්දක් තිබෙන පිරිසක් ඉන්න ඔිනා රට වෙනුවෙන් නැගී සිටින්න භය විය යූතු නැතැයි කී කාදිනල් මැල්කම් රංජිත් අයි .එම් .එෆ් . ගත්ත සල්ලි ගොවිතැනට , අධ්‍යාපනයට , ධීවර කර්මාන්තයට සහ කර්මාන්ත ක්ෂත්‍රයට කොතරම් මුදලක් වියදම් කරනවා ද යන්න පිළිබදව පාලකයන්ට අදහසක් නැති බවත් පැවසුහ .
අයි .එම් .එෆ් .මුදල් අරගෙන අපි කරන්නේ පිටරටින් බඩු ආනයනය කරනවා . අපි අවශ්‍ය දෙවල් වගේම අනවශ්‍ය දෙවලුත් ගෙන එනවා . අපේ ස්වාධීනත්වය නැති කරලා අපිව ණයකාරයෝ කර ඇති බව කාදිනල් මැල්කම් රංජිත් පෙන්වාදුන්හ .
අපි මේ රටේ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය දෙන්න කියලා ඉල්ලනවා . අවුරුදු 18 ක් වන සෑම දරුවෙකුටම රටේ අනාගතය ගැන තිරණය කිරීමේ අයිතියක් තියෙනවා .ඒ අයිතිය අපි ඉල්ලා සිටිනවා .මුලින් සල්ලි නැහැ කිවිවා . දැන් කයිවාරුවට කියනවා සල්ලි තියෙනවා කියලා . ජනතාවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න කියලා කාදිනල් මැල්කම් රංජිත් පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ .