ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

කොළඹ කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරන ලද විජය කුමාර් ප්‍රගාස් නිර්මානන්දන්ගේ මෘත දේහය තැන්පත් කර තිබු මිනී පෙට්ටියට සීල් තබා ඇති බවත් ඔහුගේ මෘත දේහය නිවසට රැගෙන යෑමෙන් මහජනයා කුපිත වෙතැයි බිය වු පොලිසිය නිර්මානන්දගේ මෘත දේහය මල් ශාලාවක තබන්නැයි නියෝග කොට ඇත.

නිර්මානන්දන්ගේ  මෘත දේහය මාදම්පිටය කිඹුලා ඇල නිවසට රැගෙන එමට බිරිද ,මව සහ සහෝදරියන්  කටයුතු කළ ද  පොලිස් නියෝගය මත පුංචි බොරැල්ලෙ රුහුණු මල් ශාලාවේ තැන්පත් කිරීමට ඥාතීන්ට සිදු විණ.

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

අශෝක ලක්මාල්ගේ ගේහය

ඒ අනුව ඔහුගේ මෘත දේහය පුංචි බොරුල්ලෙ රුහුණු මල් ශාලාවේ තැන්පත් කර තබා ඊයේ (24) මාදම්පිටිය සුසාන භුමියේ භුමදානය කර කෙරිණ.

නිර්මානන්දනගේ වම් ඇස අසලින් ඇතුල් වී ඇති වෙඩි උණ්ඩය හක්ක කඩාගෙන උණ්ඩය පිටවීම නිසාත් පහර දිමත් නිසා ඔහුගේ මුහුණ සම්පුර්ණයෙන්ම විකෘති වී ඇති බවත් එම නිසා පෙට්ටිය සීල් තැබීමට පොලිසිය කටයුතු කර ඇති බව ඔහුගේ ඥාතිහු අප සමග පැවසුහ.

නිර්මානන්දනගේ මෘත දේහය හදුනා ගැනීම සදහා ඔහුගේ සහෝදරියකට පමනක් පෙන්වා ඇති අතර මවට හෝ අනෙක් ඥාතීන්ට නිර්මානන්දගේ මෘත දේහය පෙන්වා නැත. මෙය මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

 කොටහේන විදීය ආරම්භයේ පිහිටි EVER SHINE ජංගම දුකතන අලෙවි සැලේ  අයිතිකරුට වෙඩි තබා  යතුරු පැදියකින් පලා යමින් සිටි බව කියන ලක්මාල් සහ නිර්මානන්දන් පිටුපස හඹා ගිය ග්‍රැන්ඩිපාස් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදනා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතුව සැකපිට අත්අඩංගුවට ගෙන පසු දින පාන්දර ආයුද පෙවන්නට යැයි රැගෙන ගොස්  අමානුෂික අයුරින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

දුුුුුරකතන අලෙවි සැලේ හිමිකරු ශෂි කුමාර්

එම තරුණයන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසන්නේ එවර් සයින් දුරකතන අලෙවි සැලේ හිමිකරු වන ශෂි කුමාර් නැමැත්තාවය. ඔහු අංක 125/7/T  ගුණානන්ද  කොළඹ 13 නිවසේ පදිංචිකරුවෙකි. කුමාර් ගුණානන්ද පරේ කුලී නිවසක පදිංචි වී සිට ඇත. ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ආයුද පෙන්වන්නට යැයි රැගෙන ගොස් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අංක 162/357/ ඒ මාදම්පිටිය කිඹුලා ඇල කොළඹ 13 ලිපිනයේ පදිංචි  නිර්මානන්දන් (35) සහ  ජාඹුරලිය මඩපාත ලිපිනයේ පදිංචි තිස්එක්හැවරදි (31)  ජේ .කේ . අශෝක ලක්මාල් නැමැි අය වෙති.

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

ජේ .කේ. අශෝක ලක්මාල්

නිර්මානන්දන් දෙදරු පියෙකු වන අතර  ඔහු පවුලේ පලමු වැනියා. ලක්මාල්ට සහෝදරයන් දෙදනෙක් සහ සහෝදරියන් දෙදනෙකු සිටි. ඔහුගේ අම්මා ජිවතුන් අතර සිටින අතර පියා මිය ගොසිනි. ප්ලාස්ටික් භාණ්ඩ සාදන කර්මාන්ත ශාලාවක් ලක්මාල් අවුරුදු ගණනාවක් සේවය කොට ඇති අතර තුන් වතාවක් හෘදයා බාධය වැළදීම නිසා ඔහු  සේවයෙන් ඉවත් වි ඇත.

පසුව ජිවත් වීමට විධියක් නොමැති නිසා ලක්මාල් ගේ බිරිද ඔහුට දරුවන් භාර දී මැදපෙර දිග ගොස්  ඇත. ලක්මාල්ට ස්ථිර නිවසක් නොමැති අතර ඔහුගේ දරුවන් දෙදනා සහ සහෝදරියන් මාසිකව රුපියල් 3000කට කුලීයට ගත් නිවසක ජිවත් වෙති.

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

ප්‍රගාස් නිර්මානන්දන් පදිංචි වී සිටින කුලී නිවස.

ලක්මාල් බිරිද රටට යෑමත් සමග වෙනත් කාන්තාවක් සමග පෙමක පැටලීම නිසා ඔහු මාදම්පිටිය කිඹුලා ඇල නිවසට සමග සම්බන්ධතා නතර කොට තිබිණ.

නිර්මානන්දන් මත්ද්‍රව්‍ය සමග සම්බන්ධයක් නැති අතර  මත් පැන් පමනක් පානය කරන බව ඔහුගේ සහෝදරියක් වන සරණියා අප සමග පැවසුවාය.

කුමාර්ට වෙඩි තැබීම සදහා යොදා ගත්තා යැයි කියන යතුරු පැදිය පැදවාගෙන ගොස් ඇත්තේ නිර්මානන්දන් බව පොලිසිය පවසයි.

නිර්මානන්දගේ පවුල ඉතාමත් දුප්පත් පවුලක් වන අතර ඔහු අපො.ස.පෙළ දක්වා ඉගෙනගෙන ඇත.

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

විජය කුමාර් ප්‍රගාස් නිර්මානන්දන්

නිර්මානන්දගෙන් පියා අබාන්ස් කොම්පැණියේ කම්කරුවෙකු ලෙස සේවය කොට ඇති අතර හෘදයා බාධයක් වැළදීමෙන් මිය ගොස් ඇත. ඔහු මාලිගාවත්‌තේ ඉපදී ලබා ඇති බවත් මිට පෙර නිර්මානන්දනට එරෙහිව අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පැවසුහ.

නිර්මානන්දන් සමග යතුරු පැදියේ නැගී ගොස් ශෂි කුමාර්ට වෙඩි තැබුවා යැයි කියන අශෝක ලක්මාල් ජඹුරලියේ ආයුර්වේදය අසල පදිංචිකරුවෙකු වන අතර ඔහු යුධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් සේවය කොට පසුව සේවයට වාර්තා කර නැත. පසුව 2015 පොදු සමාව යටතේ යුධ හමුදාවෙන්න් නිත්‍යානුකුලව ඉවත් වී ඇත. ප්‍රදේශවාසීන් ඔහුව රම්බෝ නමින් ද හදුන්වනු ලැබේ.

ප්‍රගාස් නිර්මානන්දන්ගේ දේහය ගෙදරට ගෙනියන් හෝ ඥාතීන්ට බැලීමට හෝ පොලිසිය ඉඩ දී නැහැ

අශෝක ලක්මාල්ගේ ම‍ෘත දේහය නිවසේ තැන්පත් කර තිබෙන අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *