පාතාල කල්ලි අතර ගැටුමක් මිස ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – ජනමාධ්‍ය ඇමති නලින් ද ජයතිස්ස

ජාතික ආරක්ෂා අනතුරේ යැයි සමහර කණ්ඩායම් කියන්නේ රටට ඇති ආදරය නිසා නොවන බවත් වෙනත් දේශපාලන අරමුණක් සදහා බව පැහැදිලියි වන අතර 2016 යේදී බණ්ඩාරවෙල බස් රථයක් ඇතුලේ බෝම්බයක් පුපුර ගිය අවස්ථාවෙත් ජාතික ආක්ෂාව යැයි කෑගසමින් මේ සෙල්ලම කරන්නට පටන් ගත් බවත්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වු මුහුණු ටිකම හැංගිලා ඉදලා දැන් නැවත ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කෑ ගහන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අපි මෙම සිදුවිම් පිටි පස්සේ බැරැරුම් විමර්ශන කටයුතු කරගෙන යන බවත් එම සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට පමුනුවන්න කටයුතු කර බවත් කිසිසෙත් කලින් ආණ්ඩු වගේ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ ලබා දීලා රටේ නීතිය හා සාමය බිද වට්ටන්න ඉඩ දෙන්නේ නැතැයි අපි පැහැදිලිව කියන බව කී අමාත්‍යවයා. ජාතික ආරක්ෂව නැහැ කියලා බොරු ඇද බාලා සංචාරකයේ සහ ආයෝජකයෝ එන එක නතර කරන්න උත්සහ කරන්න එපා කරන්න එපා යැයි ඉල්ලන බවත් පැවසීය.
ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේනත්වේ පැවති කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (25) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින් කීය.
මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නය
බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තියෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායකට ආරක්ෂාව ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න කියලා. එහෙම බුද්ධි අංශ වාර්තා කරලා තියෙද්දීත් ඔබ තුමාා කියනවා පාතාලය සමග දේශපාලනඥයන්ට සබදතා තියේනවා කියලා චෝදනා කරනවා. කවුද ඒ පාතලය සමග සබදතා පවත්තන දේශපාලනඥයින් කවුද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ මතය කුමක්ද?
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායකත් මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාලත් මාධ්‍ය සාකච්ජා ගණනාවකදී ප්‍රකාශ කළා මේ සිදු වෙමින් පවතිනේනේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක් කියලා . අපට පෙනෙවා එය දඩමීමා කරගෙන රටේ ජාතික ආරක්ෂාව අනතුරේ කියලා ප්‍රචාරක ව්‍යාපෘතියක් විපක්ෂය පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. අද පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව අනතුරේ කියන එක ප්‍රවෘත්තියක් බවට පත් කරන වැඩක විපක්ෂයේ මන්ත්‍රීවරු නිරත වෙලා ඉන්න බව පෙනවා. ඒ ගොල්ලලෝ අදහස් කරනවා රටේ ජාතික ආරක්ෂාවක් නැහැ කියලා . සංචාරකයන්ගේ පැමිණිමේ ප්‍රශ්නයක් මෙන්ම අයෝජකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මතු කරනවා . අපි පැහැදිලිව කියලා තියෙනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කියලා. රජය ගතයුතු පියවර ගනිමින් ඉන්නවා .පසුගිය කළේ නැගෙනහිර පළාතේ තැනක සිදු වු සිදුවිමක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවාද කියලා ඇහුවොත් ඔව් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තමයි ඒ සිද්ධිය. එම සිදූ විම ජාතික ආරක්ෂාවට බලපෑවා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙන්න අයුරින් විසදුවා .මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන ගැටුමක් අපේ රටේ අධිකරණයක් ඇතුලේ ඝාතනය වු පලමු වැනියා මොහු නොවෙයි. අධිආරක්ෂක ආරක්ෂක කලාප තුළ සමහරු ඝාතනය වුණා . එම සිදුවිම් සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා. මේ ජාලය මොන තරම් මු් විහිදිලා ද තියේනවා නම් දැනටමත් පොලිසියේ කිපදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියේනවා. තවත් අය ගැන විමර්ශනය කරමින් යනවා. විමර්ශන කටයුතු අධිකරණය දක්වා ගිහිල්ලා තියේනවා. සියලු දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා. වට්ස්ඇෆ් පණිවිඩ හරහා කවුද කතා කළේ කියලා. ඉදිරියේදී හෙළිදරව් වන අයගේ නම් දැන ගන්න ලැබෙයි. අපි මේ තත්වය කීයටවත් ලඝු කොට සලකන්නේ නැහැ. අපි මෙම සිදුවිම් පිටි පස්සේ බැරැරුම් විමර්ශන කටයුතු කරගෙන යනවා. මේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට පමුනුවන්න කටයුතු කරනවා. කිසිසෙත් කලින් ආණ්ඩු වගේ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ ලබා දීලා ඒකෙන් රටේ නීතිය හා සාමය බිද වට්ටවන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. . ජාතික ආරක්ෂව නැහැ කියලා බොරු ඇදා බාලා සංචාරකයේ සහ ආයෝජකයේ එන එක නතර කරන්න උත්සහ කරන්න එපා කියලා ඉල්ලනවා
බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තියෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායකට ආරක්ෂාව ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න කියලා. එහෙම බුද්ධි අංශ වාර්තා කරලා තියෙද්දීත් ඔබ තුමාා කියනවා පාතාලය සමග දේශපාලනඥයන්ට සබදතා තියේනවා කියලා චෝදනා කරනවා. කවුද ඒ පාතලය සමග සබදතා පවත්තන දේශපාලනඥයින් කවුද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ මතය කුමක්ද?