පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි අභියාචනාධිකරණය නියෝග කරයි

තාවකාලිකව වැඩ අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ව අත්අඩංගුවට අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆා අද (17) නියෝග කළේය.
අභියානාධිකරණය මෙසේ නියෝග කළේය අත්අඩංගුවට ගැනිම වළක්වන්නැයි ඉල්ලා පොලිස්තිපවරයා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින්ය. ඔහු නඩු ගාස්තු වශයෙන් රුපියල් දසදහසක් ගෙවන ලෙසට ද නියෝග කෙරිණ.
පොලිස්පතිවරයාට සැග වි සිටිම සදහා අනුබල දෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.