පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්

0
WhatsApp Image 2025-08-15 at 21.02.45

පලස්තීනයට එරෙහිව ගෙන යන යුද්ධය වහා නතර කරන්නැයි බල කර අද (15) සවස බොරුල්ල කනත්ත ඉදිරිපිටින් ආරම්භ වු විරෝධතා පෙළපාලිය ඩි.එස්. සේනානායක මාවත ඔස්සේ පෙළපාලිකරුවෝ කැම්බල්පිටිය දක්වා ගමන් කළහ.

එම පෙළපාලියට දහක පමන පිරිස් සහභාගි වී සිටි අතර නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීය සාමුහිකය විසින් පෙළපාලිය සහ උද්ඝෝෂණය කැදවා තිබුණි.

නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීය සාමුහිකය ගොඩනැගී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංවිධානය, ශ්‍රී ලංකා ජාමාතේ ඉස්ලාමී සංවිධානය, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන සංවිධාන වලින්ය.

පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්

ජාජබ/ ජවිපෙ නියෝජනය කරමින් එම පෙළපාලියට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිය, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ,සහ ජාජබ/ ජවිපෙ නියෝජනය කරමින් එම පෙළපාලියට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිය, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර යන අය සහභාගි වී සිටියහ.

මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයත් සමග මුස්ලිම් සංවිධාන තුනක් තහනම් කරන ලදී. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය එසේ තහනම් කරන ලද සංවිධානයකි. එම සංවිධානය ශ්‍රී ලංකා ජාමාතේ ඉස්ලාමීය සංවිධානයට අයත් සංවිධානයක් වන අතර ජාමාතේ ඉස්ලාමී සංවිධානයේ නායක හජ්ජුල් අක්බාර් ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අවුරුදු දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිට පසුව නිදහස් වු අයෙකි.

පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්
පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්
පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්
පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්
පලස්තීනයට එරෙහිව අශුද්ධ සන්ධානයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *