ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ

0
DSC_3516

කැස්බෑව නගර සභාවේ නගරාධිපතිගේ ඉල්ලීම මත විධායක ඉංජිනේරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරීය මගින් බැකෝ යන්ත්‍ර යොදාගෙන කඩා දමන ලද මාර්ග අංක 157 පිළියන්දල කහපොල මාර්ගයේ කොටගෙදර බස් මගී නැවතුම්‌ පොලේ වහලය කොටගෙදර අපි සංවිධානය සහ ප්‍රදේශවාසීන් එකතු වී අද (02) සවස යළි සකස් කරන ලදී.

එම වහලය සකස් කිරීම සදහා ලක්ෂයක පමන මුදලක් වැය වී ඇති අතර එම මුදල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන නිමල් සෙනවිරත්න විසින් පරිත්‍යාග කර තිබේ.

අත්තනෝමතිකව කඩා දමන ලද බස් නැවතුම් පොලේ වහලය නැවත ඉදිකිරීම සදහා අනුමැතිය බලා දෙන්නැයි කොටගෙදර අපි සංවිධානය මගින් විධායක ඉංජිනේරු පළාත් සංවර්ධන අධිකාරීයේ ප්‍රධාන ඉංජිනේරුගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමට අනුමැතිය ලැබිමෙන් අනතුරුව එම බස් නැවතු පොලේ වහලය අද යළි සකස් කිරීමට කටයුතු කළ බව එම සංවිධානයේ ප්‍රබලයෙකු අප සමග පැවසිය.

මෙම ඉදි කිරීම ජවිපෙ ප්‍රජාතන්ත්‍රවිරෝධී එකාධිපතිවාදී ගමනට අභියෝග කිරීමකි. ලියුුුුුුම්කරු ඇතුළු වාමංශික සහ විරුද්ධ පක්ෂ වල තරුණයන් සහ වැඩිහිටියන් බස් නැවතුම් පොල ඉදි කිරීම සදහා දායක වුහ. ධනපති පක්ෂ නියෝජනය කරන එම පිරිස් ආණ්ඩුව සමග ගැටුමකට නොයා යාප්පුවෙන් කටයුතු කිරීමට පුරුදු වුවෝ වෙති. කඩා දමන ලද බස් නැවතුම් පොල මහජනයාගේ හෝ ධනපතියෙකු මුුුුදල් ලබා ගෙන හදනවා ලියුම්කරු තදින් විරුද්ධ වු අතර නගරාධිපි හෝ බාල මහත්තයාගේ වියදමෙන් එම බස් නැවතුම් පොලේ වහල සැදීය යුතු යැයි කියන ස්ථාවරයේ ලියුම්කරු දැඩිව සිටියේය.

එම බස් නැවතුම් පොල ඉදි කර ඇත්තේ කොටගෙදර හාඩ්වෙයාර් එක ඉදිරිපස වන අතර එම බස් නැවතුම් පොල නිසා එම ව්‍යාපාරික ස්ථානයට පිවිසෙන මාර්ගය පටු වී තිබේ. මෙම බස් නැවතුම් පොල පිහිටු වන්නේ 1985 වන අතර කොටගෙදර හාඩ්වෙයාර් නම් ව්‍යාපාරික ස්ථානය ඉදි කරන්නේ 1992 පමන වේ. එම ව්‍යාපාරික ස්ථානය ඉදි කර ඇති ඉඩම මැන්ඩිස් ( හැඩවක) නම් ඉඩම් හිමියෙකු අයත් ඉඩමකි. එම ඉඩම මාලනි සිල්වා නැමැත්තියට ඔහු ලබා දී ඇත්තේ බස් නැවතුම් පොල ඉවත් කිරීමට කටයුතු නොකරන බවට සහ එම ස්ථානයේ මස් මාංශ වලින් තොර අපනශාලාවක් ඉදි කරන බවට පැමිණි එකගතාවය උඩය. මෙම ඉඩමට විශාල ඉල්ලුමක් තිබුනද මැන්ඩිස් එය විකුණා දැමීම ප්‍රමාද කළේ , ඉඩම මිල දී ගන්නා අය පසුකාලීනව බස් නැවතුම් පොලට හානියක් කරයි යන අදහස මතය. ඔහු එම බස් නැවතුම් පොල ඉදිකරන ලද්දේ , භාර්යාවට පිං පිණිසය.

එම ඉඩම මිල දී ගත් සිල්වා නැමති කාන්තාව කිප අවස්ථාවක් බස් නැවතුම් පොල ඉවත් කිරීමට පිඹුරුපත් සැකසුවත් ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීම මත ඒවා ගත් තැන ලොප් විය.

කොටගෙදර හාඩ්වෙයාර් අයිතිකරු වන්නේ සුනිල්ය. ඔහුගේ සොහොයුරු රත්නසිරි කැන්ඩි හාඩ්වෙයාර් අයිතිකරු වෙයි. මොහු දෙදනාමට අතීතයේ ජවිපෙ සමග පැවති සම්බන්ධතා අවුල් සහගත වන අතර නුවර සිට කොළඹට පැමින දේශපාලනය පිළිබද වගේ වගක් නැතිව සිට ජාතික ජන බලවේගය කරළියට එමත් සමග ජවිපෙට මුදල් ලබා දී හරහා නැවත සම්බන්ධ වී ඇත. රත්නසිරි පසුගිය පළාත් පාලන මැතිවරණය බටකැත්තර දකුණු කොට්ඨාශයේ අපේක්ෂකයා ලෙස නම් කළ ද ජවිපෙ පහල සමාජිකයින්ගේ විරෝධය හමුවේ ඔහුගේ නම ඉවත් කර ගැනීමට ජවිපෙ දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චිට සිදු විණ. ඒ වෙනුවට පතිරණ හෙවත් බාල මහත්තයා නම් කරන ලදී. ඔහුට විරෝධය පා ඇල්ලස්වත්තේ රංජි ඇතුළු පිරිසක් ඉවත් වුහ. පසුව බාල මහත්තයා නගර සභා මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය.

කොටගෙදර මංසන්දීයේ මාලනි සිල්වා අයත් ඉඩමේ පළාත් පාලන මැතිවරණය සමයේ ජාතික ජන බලවේගයේ කාර්යාලයක් ඉදිකර තිබුණි. ඇය කොටගෙදර හාඩ්වෙයාර් අතිකරු වන සුනිල්ගේ බිරිදගේ මව වෙයි. මුදල් ලබා දීමත් කාර්යාල දැමීමටත් තැගි වශයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී පතිරණ හෙවත් බාලමහත්තයා පොදු ස්ථානයක් කඩා දමා බාල වැඩක නිරත වී ඇත. කම්කරු පීඩිත මහජනයාගේ පැත්ත ගන්නවා වෙනුවට ව්‍යාපාරික ආරක්ෂා කරන්න හා ඔහු ලාභ වැඩි කර දීම සදහා ජවිපෙ මන්ත්‍රීවරු කැප වී සිටින බව තහවුරු කරන සිද්ධියකි.

ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ
ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ
ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ
ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ
ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ
ජවිපෙ/ජාජබ කැස්බෑව නාගරික මන්ත්‍රී බලමහත්තයාගේ බාල වැඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *