ජනාධිපති දුන් පොරොන්දු ඉටු කරන්නැයි බල කර මානව හිමිකම් නිලධාරිනියක් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රනයක !

0
DSC_4486

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුෂණ වංචා සහ අක්‍රමිකතා සහ අත්තනෝමතික ක්‍රියා විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පොරොන්දු වු පරිදි කමිටුවක් පත් කරන තෙක් එම කොමිසම් සභාවේ සේවයේ නියුතු විමර්ශන නිලධාරිනියක වන අයන්ති ශිරෝමණි ඊයේ (10) මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළාය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ දුෂණ වංචා සහ අත්තනෝමතික ක්‍රියා පිළිබදව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පොරොන්දු වු කමිටු දෙක පත් කරන්නැයි කරන ඉල්ලීමට අමතරව වසර විස්සක අත්දැකිම් ඇති ඇයව මාස දහයක සිට රාජකාරී පැවරීමකින් තොරව සේවයේ යෙදවිම,සේවක ඉල්ලීම් නොතකා හරිමින් ලේකම් ධුරය සදහා අවධිමත් ලෙස පත්විම් ලබා දීම,අක්‍රමිකතා සහ ඥාති සබදතා මත තනතුරු ලබාදීම,රජයේ මුදල් අවභාවිතා කිරීම,විගණක විමසුම් සදහා ව්‍යාජ තොරතුරු ලබාදීම සහ දුෂිත නිලධාරීන් ආරක්ෂා කිරීම යන ඉල්ලීම් ඊට ඇතුළත්ය.

ශිරෝමිණි විසින් ඇයට සිදු වී ඇති අසාධාරණයට එරෙහිව 2025 දෙසැම්බර් 10 දා මානව හිමිකම් කොමිසම් ‍ස‍භාව ඉදිරිපිට සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එහි දී එම කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස්වරු පිළිබද විමර්ශනය කිරීම සදහා ජනාධිපතිවරයා යටතේ කමිටුවකුත් එහි සේවකයන් පිළිබද සොයා බැලීම සදහා ජනාධිපති ලේකම් සහ රාජය පරිපාලන නිලධාරීන් යටතේ අනෙක් කමිටුවත් පත් කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය ශිරෝමිණි දැනුවත් කළ බව ඇය ලංකා ස්කයි නිව්ස් සමග පැවසුවාය.

 2025 දෙසමිබර් 10 වෙනිදා ආරම්භ කළ සත්‍යග්‍රහයට මාස දෙකක් ගතවී ඇතත්, ජනාධිපතිවරයා විසින් ඇයට  දුන් පොරොන්දු මේවන තෙක් ඉෂ්ට කර නැනි බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට එරෙහිව ශිරෝමිණි ජනාධිපතිවරයාට යොමු කරන්නැයි පැමිනිල්ලක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇති බවත් පසුව එම ලිපි ගොනුව එම කාර්යාලයේ නීති නිලධාරියෙකු මාර්ගයෙන් සභාපතිට ලැබි ඇති බව ඇය අප සමග පැවසුවාය.ජනාධිපතිවරයාට යොමු කෙරෙන තොරුතුරු සහිත පැමිනිලි චෝදනා ලැබ තිබෙන පාර්ශව අතට පත්විමෙන් පැමිනිලිකරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තබන විශ්වාසය බරපතළ බිදවැටෙන බව ශිරෝමිණි පෙන්වා දුන්නාය.

ජනාධිපති දුන් පොරොන්දු ඉටු කරන්නැයි බල කර මානව හිමිකම් නිලධාරිනියක් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රනයක !

ඇය සත්‍යග්‍රහනයට ඉදගෙන ඇත්තේ නිවාඩු දාමාය. ජනාධිපතිවරයා ඉල්ලීම් ඉටු කරන තුරු සත්‍යග්‍රහනය අඛණ්ඩව පවත්වන බව ඇය පැවසුවාය.  ශිරෝමිණි රාත්‍රි කාලයේද මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටම රැදී සිටිමින් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යයි.

ඇයට සහයෝගය දැක්විම සදහා රණවිරු සංගමය, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අසාධාරණයට ලක් වු පිරිස් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එහි පැමින සිටියහ.

ඇගේ අයිතිවාසිකම් මානව හිමිකම් කොම්ෂන් සභාවේ දුෂණ වංචා සහ අක්‍රමිකතා සහ අත්තනෝමතික කටයුතු කිරීමට එරෙහිව සත්‍යග්‍රහයක නියැලීම නිසා  ශිරෝමිණිගේ වැඩ තහනම් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එම කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එල් .ටී.බී. දෙහිදෙනියගේ අස්සනින් එම ලිපිය ඇය වෙත එවා ඇත.

ජනාධිපති දුන් පොරොන්දු ඉටු කරන්නැයි බල කර මානව හිමිකම් නිලධාරිනියක් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රනයක !
ජනාධිපති දුන් පොරොන්දු ඉටු කරන්නැයි බල කර මානව හිමිකම් නිලධාරිනියක් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රනයක !
ජනාධිපති දුන් පොරොන්දු ඉටු කරන්නැයි බල කර මානව හිමිකම් නිලධාරිනියක් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රනයක !

අයන්ති ශීරෝමිණිට සහය පල කර විරෝධතාවයේ නියැලෙන මානව හිමිකම් කොමිෂමෙන් අසාධාරණයට ලක් වු පිරිස් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *