පලස්තීන සරණාගතයන්ට හිරිහැර කළ බුද්ධි නිලධාරීන්ට පහර දුන්නා යැයි තරුණයන් පිරිසක් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කරති!
රජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් කොළඹ දෙවන හරස් විදීයේදී සිගමනේ යෙදී පලස්තීන සරණාගතයන් පිරිසක් අත්අඩංගුගෙන ජිප් රථ වල නංවාගෙන රැගෙන යන්නට උත්සහ කරද්දී ඊට විරෝධය පා පහර දුන්නා යැයි එම විදීයේ වෙළදාමේ නිරත වු තරුණයන් දොලෝස් (12) දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
එම සිදු විම සිදු වි ඇත්තේ පෙබරවාරි 23 වනදා වන අතර එම තරුණයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිපිත් කර ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන්ට පහර දී රාජකාරීයට බාධා කළා යන චෝදනා යටතේ බව වාර්තාවේ.
පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පලස්තීන සරණාගත පිරිස ශ්‍රී ලංකාවේ පලස්තීන තනාපති කාර්යාලයට භාර දී ඇතැයි වාර්තාවේ.
බුද්ධි අංශ නිලධාරින් පහර දුන්නැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් නසාර් ,එම්.එච්.එම්. ෂෆ්වාන් ,මොහොමඩ් ඉමිතියාස්, එම් .ඒ. බදුරුදීන් ,එස්.එම් .එම්. රමිෂ් ,එම් .අශ්ෂික් , මොහිදින් නෂාන් ,එම් , ෆයිෂල් ,රුවන් තරංග ,අමිනුල්ලා , අමිර් මිස්තා සහ එම් .එෆ් .එම් . ෆරාජ් යන අය වෙති.
පොලිසිය මෙම තරුණයන්ට එරෙහිව අලුත් කඩේ අංක තුන අධිකරණය හමුවේ නඩු පවර ඇති අතර ඔවුන්ට එරෙහිව එකම චෝදනාව යටතේ කොටස් හතරකට වෙන කර නඩු පවරා ඇත. පලමු කණ්ඩායම මාර්තු 03 (අද),දෙවන කණ්ඩායම මාර්තු 04 ත් තුන්වන කණ්ඩායම මාර්තු05ත් සහ පස් වන කණ්ඩායම මාර්තු 06ත් යන දින අධිකරණය හමුවේ පෙනි සිටිය යුතුය.
බුද්ධි අංශ නිලධාරීන්, පලස්තීන සරණාගතයින් අත්අඩංගුවට ගන්නට උත්තසහ කරද්දී, නැගී පලා ගොස් ඇත්තේ රුවන් තරංග නැමැත්තාගේ ත්‍රිරෝද රථයෙනි. තරංග ඔවුන් කවුද යන්නදැන සිට නැත. සරණාගයින් ත්‍රිරෝද රථයට අත දැමු නිසා ඔහු නතර කර තිබේ. තරංග පලස්තිි සරණාගතයින් රැගෙන ගොස් ඇත්තේ කුලී පදනම මතය.
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටිය දී පලස්තීන ජන සංහාරය එරෙහිව විදී වල සැරිසරුව අද වන විට අධිරාජ්‍යවාදීන් පලස්තීන ජනයාට එරෙහිව ගෙන යන ජන සංහාරයට රුකුල් දෙන්නෙකු බවට පත් තිබේ. රෝහින්දීය සරණාගයින් නැවත ඔවුන් සංහාරය කළ පාලකයින්ටම භාර දීමට ආණ්ඩු කැසකැවු අතර ඊට එරෙහිව මහජනයා නැගිටිමත් සමග එම උත්සාහය අතහැර දැමීමට සිදු විණ ..