හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක මනතුංග නීතිඥ පෙරේරාව දඩුකදේ ගැසීමට අරඅදි !
සාක්කිකරුවන්ට බලපැම් කළා යැයි නීතිඥ සේනක පෙරේරාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවට පොලොන්නරුව දිසා භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග එම නීතිඥයාට බලපැම් කර ඇත.
එසේ බලපෑම් කර ඇත්තේ, ගාර්දි අම්බ්‍රොයි කංකානම්ගේ ටිෂාන් (28) නැමති තරුණයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (03) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මරණ පරික්ෂණයට ආදළ සාක්කි කැද වු අවස්ථාවේදීය.
මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ,2026 ජනවාරි 12 වෙනිදාය.
පෙබරවාරි 17 වෙනිදා නඩුවට විභාගයට ගත් අවස්ථාවේ නිතිඥ සේනක පෙරේරාට වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමට නීතිමය අයිතියක් නැතැයි ජේෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග විවෘත අදිකරණයෙදී බලපෑම් දමා ඇත. මහේස්ත්‍රාත්වරිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විරෝධතාවය නොතකා නීතිඥ පෙරේරාට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමට අවසර දුන්නා.
එම නඩුව මාර්තු 03 වනදා කැද වු අවස්ථාවේ ජේෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග අධිකරණය අමතමින් , අධිකරණයෙන් පිටත බොහෝ දේ සිදු වෙමින් පවති යැයි පවසා නඩුවට මාධ්‍ය හරහා බලපැම් එල්ල වන බව ප්‍රකාශ කළේය. ඔහු වෙබි අඩවියක ලිපියක් පිළිබද සදහන් කරමින් ලේඛනයක් ඉදිරිපත් කර තිබිණ.
ජේෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකි. ඔහු මාධ්‍යවේදින්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ප්‍රශ්න කරමින් ඔවුන්ව දඩුකදේ ගැසීමේ නින්දිත උත්සහයක නිරත වෙයි.