යුරියා පොහොර හිගයක්- යුද්ධය නිසා ඩොලර් 460 යුරියා ටොන් එක ඩොලර් 760 දක්වා නගිිද?

0
image_9009d26f93

රජය මගින් කිලෝ 50 නේ යුරියා මිටයක් රුපියල් 9.500 කට කෘෂිකර්ම දෙපාර්මේන්තුව හරහා ගොවි සංවිධාන වලට ලබා දෙන බවත් ගොවි සංවිධාන එම පොහොර මිටිය රුපියල් 10.000 කට ගොවින් හට ලබා දීමට අද (17) පෙරවරුවේ බත්තරමුල්ල ගොවි ජන කෙන්ද්‍රයේ පැවති සාකච්ජාවේදී එකගතාවයට පැමින තිබේ.

එම එකගතාවයට පැමින ඇත්තේ,පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිලෝ 50 යුරියා මිටියක් දෝලොස්දහත් (12.000) දහතුන්දහත් (13.000) අතර මුදලකට විකුණන බවත් වැඩි මුදලට පොහොර විකිණීම නතර කිරීම සදහ රජය මැදහත් වී කෘෂිකර්ම දෙපාර්මේන්තුව හරහා ගොවි සංවිධාන වලට කිලෝ පනහේ (50) පොහොර මිටියක් රුපියල් 9.500 කට ලබාදීමට පියවර ගත් බව මින්නේරිය ගොවි සංවිධාන නියෝජිතයෙකු වන සෙනෙවි අප සමග පැවසීය.

එම සාකච්ජාව සදහා කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත , නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු නිලධාරීන් සහ ගොවි සංවිධාන සහභාගි සිටියහ.

පොහොර සමාගම් විසින් මෙරටට යුරියා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පන්දාහක් ‍(105000) ප්‍රමානයක් ආනයනය කර ඇති අතර එම ප්‍රමානයෙන් මෙට්‍රික් ටොන් විසිපන්දාහක් (25.000) පෞද්ගලික ව්‍යාපාරිකයන් සදහා ලබා දී ඇති අතර ක‍ෘෂිකර්ම දෙපාර්මේන්තුව මෙට්‍රික් ටොන් අසුදාහක් (80.000) මිල දී ගැනීමට එකග වී තිබේ.

යුද්ධයත් සමග යුරියා පොහොර හිගයක් ඇති විය හැකි බවත් යුරියා ටොන් එකාක් අද මිල ඩොලර් 460 ක් වන අතර ඉදිරියේදී යුරියා ටොන්හො එකකර මිල ඩොලර් 760 දක්වා වැඩිය හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා එම සාකච්ජාවේදී අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *