මේ ආණ්ඩුව ආවාට පස්සේ අපට වතුරත් නැහැ -කලින් ආණ්ඩු වගේම තමා අපි ගැන සොයා බලන්නේ නැහැ !
පිළියන්දල මකුළුදුව කළුගහ වත්ත ප්‍රදේශයේ පවුල් දහසකට (1000 ) අධික පිරිසකටත් කැස්බෑව ආසනයේ ප්‍රදේශ කිපයකටත් නල ජලය නිසි පරිදි නොලැබීම නිසා වැසිකිල යෑමට පවා වතුර නොමැතිකම නිසා එම ප්‍රදේශයේ ජනයාට මහත් අපහසුතාවතාවයන්ට මුහුණ දෙන්නට සිදු වී ඇතැයි ඔවුන් පවසති.
එම ජනයා ජල සම්ප්‍රාදන දෙපාර්මේන්තුවෙන් ජලය ලබාගෙන අවුරුදු 10 ත් 15 ත් අතර කාලයක් ගත වන බවත් මාස හයකම (06) පමන කාලයක සිට ජලය නිසි පරිදි නොලැබීම නිසා දරුවන් පාසැල් පවා යෑවීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ජලසම්ප්‍රාදනයේ නිලධාරීන්ට සහ ප්‍රදේශයේ දේශපාලඥයන්ට පැමිනිලි කළත් මේ වන තෙක් ඊට විසදුමක් ලැබි නැතැයි ඔවුන් පෙන්වා දෙති.
ජාජබ/ ජවිපෙ කැස්බෑව නගර සභාවේ නගරාධිපති චාමර මද්දුම කළුතරගේ ජිවත් වන්නෙත් මකුළුදුව (583) ග්‍රාම සේවා වසමේය. නගරාධිපති වන්නට පෙර කයිවාරු ගැසුව ද අද වෙන කොට මකුළුදුව ප්‍රදේහයේ ජනතාව මුහුණ දෙන ජල අර්බුදය ගැන ඔහුට වගේ වගක් නැත. ඔහුව සම්බන්ධ කර ගන්නට අප කිපවතාවක් උත්සහ කළ ද නොහාකි විය.
දවල් කාලයට වතුර නොලැබෙන බවත් රාත්‍රි12 පස්සේ සහ පාන්දර 3ත් 4ත් අතර කාලය තුළ වේගය අඩු කාන්දු වෙමින් වැටෙන ජලය ප්‍රමානයක් බවත් එම වතුර ටික පවා ලබා ගැනීමට පැය ගානක් නිදි මරාගෙන දුක්විද බලා සිටිය යුතු බවත් ජලසම්ප්‍රාදනයට පැමිනි කළාම තාක්ෂණික ප්‍රශ්නයක් කියා මග හරින බව ආර් .ඒ.සංජිවනි අප සමග පැවසුවාය.
උදේ පාන්දර ඉදලා රැ දෙක වෙනකම් තුර නැහැ, මේ දවස් දෙක තුනම වතුර නැහැ. මාස හයකට කලින් වතුර හොදට ලැබුණා.මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට වතුර ටැංකි නැහැ. ටැංකි නැහැ. ටැංකි තිබුනත් පුරවා ගන්න වතුර ප්‍රමානය මදි වැඩ කර ගන්න. පාන්දර ඇහැර ඉලා තමයි වතුර ටික පුරවා ගන්නේ. වතුර නැහැ .හුළං ඇදලා මේ පාර මගේ බිල 4000ක් වෙලා පැමිනිලි කළාට බිල ගෙවන්න වුණා යැයි ඩි.බි. තිලිණි තුෂාරි අප සමග කීවාය.
මේ කලාපයට වතුර ආවොත් දෙන්න පුළුවන්. ලැබෙන වතුර ගැන සැගීමකට පත් වෙන්න බැහැ. වතුර වල පීඩනය අඩුයි. කොළඹ වගේ තැනිතලා කලාපයක් නොවෙයි. උස් බිම් තියෙන නිසා වතුර බෙදා හරින්න ලෙකු පීඩනයක් අවශ්‍යයි. සමහර පැති වලට වතුර එන්නේ හෙමින් , සමහර ප්‍රදේශ වලට වතුර නැහැ කියලා පිළිගන්නවා. ඉහල කලමනාකාරීත්වය සමග කතා කරලා ඉක්මනින්ම විසදුමක් දෙන බව ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු කැස්බෑව ජල සම්ප්‍රාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංනේරුවරිය මුණ ගැසුනු අවස්ථාවේ පවසා තිබුනාය.
මාස 06 ක කාලයක ඉදලා මේ ප්‍රශ්නයට අපි මුහුණ දෙනවා. කලින් හොදට වතුර ලැබුණා. වතුර පීඩනය නැතිනම් තිබෙන විකල්පය තමා දොලේකනත් ප්‍රදේශයේ වතුර ටැංකියක් ඉදි කරලා වතුර බෙදා හරින එක. දොලේකනත්ත පිහිටලා තියෙන්නේ උස් භුමියක. මේ ප්‍රශ්නය විසදනකම් නල ළංකිපයක් හරි රාජයේ වියදමින් ගහලා ජනතාවට වතුර ලබාදිම රජයේ වගකිමක බව සමාජ ක්‍රියාකාරීයෙකු වන ආන්නද අප සමග පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය මේ ආණ්ඩුව ලත් කර ගත්තේ අපි ජන්දය දීලා. අපි ප්‍රශ්නය ගැන කිව්වාහම අපිව ගනන් ගන්නේ නැහැ. කලින් ආණ්ඩු වගේම තමා මේ ආණ්ඩුවත් මහජනයාට සලකන්නේ. රජය ජනතාවට නිකන් වතුර දෙන්නේ නැහැ . වතුර නැතුව හුළං ඇද්දත් අද සල්ලි ගෙවන්න වෙලා. කැස්බෑව ජලසම්ප්‍රාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය වතුර පීඩනය අඩු වීමට බලා පා ඇති සැබෑ තතු වසං කරලා කියනවා වතුර නැහැ කියලා . නමුත් ඇත්ත ප්‍රශ්නය පවුල් 1000 කට ජලය බෙදා හැරිය ටැංකියකින් 3000 කට වතුර දෙන්න බැහැ.