මයිනාගම දේපාර්ශවයේ එකඟත්වයෙන් පදික වේදිකාවෙන් ඉවත් වෙති .

DSC_8039

 මයිනාගම (අරලිය ගහ මන්දිරය ඉදිරිපිට) ඉදිකර ඇති විරෝධතා කරුවන්ගේ කුඩාරම් නිසා ජනතාවට දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වි ඇති බැවින් එම කුඩාරම් ඉවත් කිරීමට නියෝගයක් පනවන්නැයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම සලකා බැලු කොටුව මහේස්ත්රාත්වරයා පදිකවේදිකාව අවහිර වන අයුරින් යම් ඉදිකිරීම කර ඇත්නම් එවා ඉවත් කිරීමට පමනක් අවසර දී ඇත .

අධිකරණ නියෝගයට ගරු කරන බව ප්රකාශ කළ උද්ඝෝෂකයෝ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පොලිසිය මගින් ඉදිකර ඇති මාර්ග බාධක ඉවත් කර ගන්නා තෙක් , කිසිදු ඉදිකිරීමක් ඉවත් කරන්නේ නැතැයි ඔවුන් පොලිස් ප්රධානීන්ව දැනුවත් කළහ . පසු පොලිසිය සහ උද්ඝෝෂකයින් පදිකවේදිකාව අවහිර වන අයුරින් ඉදිකර ඇති සියලු බාධක ඉවත් කර ගැනීමට එකඟතාවයකට පැමිණියහ .

DSC_8023
DSC_8070

Leave a Reply

Your email address will not be published. Required fields are marked *