නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු ඇමතිවරු 07 ක් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙති.

හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍ර වන්නිආරච්චි, සී බී රත්නායක, රෝහිත අබේගුණවර්ධන, කාංචන ජයරත්න ඇතුළු හත් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අද (24) දහවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දී තිබේ.

පසුගිය 09 වනදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසළ ඇති වූ කලහකාරී සිද්ධීන්ට අදාළව සිදුකෙරෙන විමර්ශන අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඔවුන්ගේ විදේශ ගමන් ඉකුත් 12 වැනිදා තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සිදු කළ නියෝගය ප්‍රකාරව ඔවුන් මෙලෙස විදේශ ගමන් බලපත්‍ර ඔවුන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර දී තිබේ.
අදාළ විමර්ශනය සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව අධිකරණය විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

Sri_Lankan_Passport

Leave a Reply

Your email address will not be published. Required fields are marked *