ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන්ට වැඩ වරදි
MPs who went to the government from Srilanipa are off duty
පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ ඇමති ධුර සහ තනතුරු ලබා ගත් සියලු මන්ත්‍රීවරු ඉවත් කිරීමට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන ඇත.
ඒ අනුව ආණ්ඩුවේ ඇමැති ධුර සහ තනතුරු ලබාගත් මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ දිස්ත්‍රික් නායකත්ව, ආසන සංවිධායක ධුර ඇතුළු සියලුම තනතුරු වලින් සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කර තිබේ.
පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන්ට එ බව ලිඛ්ත දැනුම් දීමට කටයුතු කළ බව එම පක්ෂය සදහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා තනතුරු හා ඇමති ධුර මත ආණ්ඩුවට එකතු වු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 14 කි.
මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන් රාගවන්, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ආණ්ඩුවට සම්බන්ධ වෙමින් අමාත්‍ය ධුර ලබා ගත් අය වෙති.
දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, සාරති දුෂ්මන්ත මිත්‍රපාල, ශාන් විජයලාල් ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන මහත්වරු තවදුරටත් ශ්රීලනිපය සමඟ රැදි සිටි.