2023 අයවැයෙන් 33% රනිල්ට, ආණ්ඩුවේ මුළු වියදම බිලියන 3657, රනිල්ට බිලියන 1198

33% of the 2023 budget for Ranil, the total expenditure of the government is 3657 billion, Ranil 1198 billion

දෙදහස් විසිතුන වර්ෂයේ අයවැය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පතට අනුව එම
වර්ෂයේ මුළු රාජ්‍ය වියදමෙන් සියයට 33ක් හෙවත් තුනෙන් එකක ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනාධිපති රනිල්
වික්‍රමසිංහ යටතේ ඇති අමාත්‍යාංශවලට හා ජනාධිපති කාර්යාලය සඳහාය.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2023 වර්ෂයේ ආණ්ඩුවේ වියදම ආසන්න අගය අනුව රුපියල් බිලියන 3657ක්
වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජනාධිපති කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ කාන්තා, කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ හා කාර්යාලවලට වෙන්කර ඇති මුදල ආසන්න අගය වශයෙන් රුපියල් බිලියන 1198කි.

එය මුළු රාජ්‍ය වියදමෙන් සියයය 33.77කි.

පසුගිය අගෝස්තු 30 දින මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල සංශෝධිත අතුරු අයවැයේදී ජනාධිපති කාර්යාලයට වැඩිකල ආසන්න වශයෙන් රුපියල් බිලියන 3ක මුදල 2023 විසර්ජන පනත් කෙටුම්පත තුළ රුපියල් බිලියන 3‍.7ක් දක්වා ඉහළ නංවා ඇති අතර මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහා වෙන්කරන ලද රුපියල් බිලියන 467ක මුදල රුපියල් බිලියන 613 දක්වා වැඩිකර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කළ රුපියල් බිලියන 376ක මුදල රුපියල් බිලියන 410 දක්වා වැඩි කර ඇත‍.

අගෝස්තු මස ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයේ රජයේ සේවා වියදම රුපියල් බිලියන රුපියල්
බිලියන 3275ක් ලෙස සඳහන් ව අතර 2023 වර්ෂය සඳහා එය රුපියල් බිලියන 4222 දක්වා ඉහ)කඑත ගොස් ඇත.

එසේම සංශෝධිත අතුරු අයවැයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4082ක් වූ අතර 2023 වර්ෂය සඳහා එය රුපියල්
බිලියන 4429ක් වී ඇත.

(උපුටා ගැනීම – අනිදදා පුවත්පත – ලසන්ත රුහුණගේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *