පළාත් පාලන මැතිවරණය තබනවාද? නැද්ද? සලකා බැලීම 23 දක්වා කල් යයි

0
1610353803_4651875_hirunews

 පළාත් පාලන මැතිවරණය වළක්වන්නැයි, ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව් .එම්. ආර්. විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද (10) කැදවු අවස්තාවේ සලකා බැලීම ලබන 23 දක්වා  කල්  දමා තිබේ. 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිවරණ කොමිසන් සභාව පෙනී සිටිමින් සිය මූලික විරෝධතාවක් ගොනු කරමින් ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම්කරු , පාර්ශව නිසියාකාරයෙන්  පෙත්සමෙන් ඉදිරිපත් කර නොමැති බවය .

පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ වලංගු ඡන්ද දායකයෙකු ද යන්න සනාථ කිරීමට අවශ්‍ය ලේඛන 
ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය. 
 
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය .

ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ ප්‍රකාශ කළේ, රට ආර්ථික පීඩනයකට ලක්ව තිබෙන අවස්ථාවේ අත්‍යවශ්‍ය කටයුතු වලට හැර වෙනත් කටයුතු වලට මුදල් වැය නොකරන්නැයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම්  ප්‍රකාශයේ ඒ බව සදහන් වන බවත්ය .

අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබිණ. 

දෙපාර්ශවයෙම කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා 
කල් තැබීමට තිරණය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *