අක්මීමන පොලිසීයෙන් තරුණයෙකුට වෙඩි තබා බෝම්බත් දමලා

ගාල්ල අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ පදිංච් අවුරදු 21 ක් වයසැති මල්ෂ විදුරංග දිසානායක තරුණයාට පෞද්ගලික කොන්ත්‍රයක් මත එම පොලීසීයේ කොස්තාපල්වරයෙකු වෙඩි තැබුවා යැයි ඔහුගේ දෙමව්පියන් අද (13) සවස පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කළහ .

ඔවුන් පොලිස් මුලස්ථානයට පැමිණෙන්නට පෙර කොල්ලුපිටියේ මානව හිමිකම් කාර්යාලයට ගොස් පැමිණිල්ලක් දමා තිබේ .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් සිදු කර , තම දරුවාට යුක්තිය ඉටු කර දෙන්නැයි පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත .

දිසානායක ඔහුගේ මිත්‍රයෙකු සමග සංගීත සංදර්ශනයක් නරඹා නිවස බලා යද්දී කඩයක් අසල නතර වී ඇති අතර පසුව එම කඩය අසලට පැමිණි අක්මීමන පොලිසියේ නිලධාරීන් පිරිසක් එම තරුණයන්ට අමානුෂික ලෙස පහර දී තිබේ . පොලිස් පහර දීම ඉවසා ගත නොහැකි වු දිසානායකගේ මිත්‍රයා පොලිසීයෙන් මිදි පලා ගොස් ඇත. ඒ අතර වාරේ දිසානායක යතුරු පැදියේ නැගී පලා යන්නට උත්සහ කරද්දී , කොස්තාපල්වරයෙකු ඔහුට වෙඩි තබා තිබේ . වෙඩි වැදි ඇත්තේ දිසානායකගේ මුහුණටය .

වෙඩි වැදුණු දිසානායකව ගාල්ල කාරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර පොලිසීය ඔහුගේ දෙපා වලට මංචු දමා ඇති බව දිසානායකගේ ඥාතීන් අප සමග පැවැසීය .

දිසානයක අත්අඩංගුවට ගනිද්දී ඔහු සතුව ජිව උණ්ඩ සහ බෝම්බයක් තිබුනු බව පොලිසීය පවසයි .

දිසානායකට එරෙහිව පොලිසීය එල්ල කරන චෝදනා ඔහුගේ දෙමව්පියන් ප්‍රතික්ෂේප කරති .

දිසානායක රැකියාවක් වශයෙන් යතුරුපැදි අලුත්වැඩියා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *