ඉරානයට එරෙහි ඇමරිකන් ,ඊශ්‍රායල් ෆැසිස්ට් ප්‍රහාරය ධනපති අර්බුදය තවත් තීව්‍ර කරයි

ප්‍රියන්ත සිල්වා විසිනි.
ඉරානය හා ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇත.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දැඩි ප්‍රසාදය දක්වන්නේ ,එම සටන් විරාමයේ මැදිහත් කරුවා තමන් යැයි ලොවට අඟවමිනි .එහෙත් එම තත්ත්වයට තවත් කරුණු ගණනාවක් බලපාන ලද බව ඔහු අඟවන්නේ නැත.
දැන් ඔහු කරන ප්‍රකාශවලින් පැහැදිලිව කියැවෙන කාරණයක් ඇත. එනම් ඉරානය නිහඬ කිරීමට ගත් තීරණයක සාර්ථක බවයි. ඉරානයේ භූගත යුරේනියම් තාක්ෂණික මධ්‍යස්ථානයට සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීම ගැන ඔහු උද්දාමයෙන් පසු වේ. ඔහු කරන ප්‍රකාශවල ඉරානයට කරන තරවටු කිරීමක ඇඟවීමක් පවතී.
නමුත් ඉරානය පවසන්නේ සිය න්‍යෂ්ඨික මධ්‍යස්ථානයන්ට කිසිදු හානියක් එම ප්‍රහාරයෙන් සිදු නොවූ බවයි.ප්‍රහාරය එල්ල වූයේ අත්හැර දමන ලද භූගත න්‍යෂ්ඨික මධ්‍යස්ථානයකට යැයිද ඉරානය කියා සිටියේය.ජාත්‍යන්තර න්‍යෂ්ඨික බල නිරීක්ෂණ මධ්‍යස්ථානය ද පවසා සිටින්නේ ප්‍රහාරයට ඉලක්ක වූ එම ස්ථානවලින් විකිරණ කාන්දු වීමක් වාර්තා නොවූ බවයි. එම සිදු වීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් සමාජ මාධ්‍ය ද එය තහවුරු කර සිටී.මේ පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශනවල ඇත්තේ ඊට එකඟ නොවන ප්‍රකෝපකාරී හැසිරීමකි.

කෙසේ වුවද මෙතෙක් පැවති යුද්ධවලදී භාවිතයට නොපැමිණි බලගතු අවියක් දියත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පෙළඹුණි.එය ප්‍රසාද ජනක මෙහෙයුමක් බව සැළකීමට සමස්ත අමෙරිකානු ජනතාවද ඉදිරිපත් වූයේ නැත.යුධ වැදී සිටි දෙපාර්ශවය සටන් විරාමයකට එකඟ වුවද, මේ සටන් විරාමය පිටු පස තවත් කරුණු පැවතුණි.අමෙරිකානු ආර්ථිකයේ පවත්නා බිඳ වැටීම්,එරට පවත්නා යුධ විරෝධි නැගී සිටීම් තීරණාත්මක ලෙස මේ සම්බන්ධයෙන් බලපෑමක් එල්ල කළේය.
යුද්ධයේ මෙන්ම සටන් විරාමයේද අධිරාජ්‍යවාදී උවමනාවන් සළකුණු කිරීමක් මෙම සමස්ථයේම සටහන්ව තිබේ.ඇතැම් විචාරකයින් මෙය PROXY යුද්ධයක් ලෙස දකින්නේ ඒ හෙයිනි.මතුවන යුධමය ස්භාවය තුලින්ම ලෝක ධනේශ්වරයට ඉදිරියට යා හැකිද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගේ.ගෝලීය අවකාශයේ ඒ සඳහා පැවති තත්ත්වයන්ද සීමා සහිත විය.රුසියාවත් චීනයත් මෙම අමෙරිකානු ක්‍රියාන්විත දෙස මැදිහත්ව නිරීක්ෂණය කළ ද ,ඉරානය වෙත සහයෝගීතාවය ප්‍රකාශ කිරීමේ මාවතෙන් ඉවත් නොවූ බව පැහැදිලිය.චීනය ඉතාම උපක්‍රමශීලිව ගුවනින් ඉරානයට සහයෝගීතාවය ලබා දීම ප්‍රකට සිදුවීමකි.
කෙසේ වුවද අධිරාජ්‍යවාදීන් ඉතිහාසයේ මීට පූර්ව අවස්ථාවක සිට එකඟ ව සිටි ‘මැද පෙරදිග යුදෙව් රාජ්‍යක අවශ්‍යතාවය’යන්නෙන් ඉවත් නොවෙනු ඇත.එමෙන්ම ඉරානය අවනත කර ගත යුතුය යන කාරණයද අත්හැර නොදමනු ඇත.දෙරට අතර සටන් විරාමයක් ඇති වීම සුභදායක.එහෙත් ගෝලීය ධනේශ්වරය ඉදිරියේ හටගෙන ඇති අර්බුදයන් මත ‘යුද්ධය’ නිමාවක් දකීවිද යන්න පිළිබඳ නිශ්චිත නැත.
යුද්ධය නිසා ඊශ්‍රායලයේ හා ඉරාන දෙපාර්ශවයේ බිඳ වැටීම්වලට වැඩි හානියක් මේ වන විට පලස්තීනයේ සිදු වී ඇත.මෙම යුද්ධයේ කේන්ද්‍රීය ඒකකය වූයේ එයයි.පසුගිය වසරේ සිට මේ දක්වා පලස්තීනයේ මියගිය සංඛ්‍යාව 56’000කට අධිකය.තුවාල ලැබූ සංඛ්‍යාව 130’000 ඉක්මවයි.මිනිස් අයිතීන් පිළිබඳ ක්‍රියාකාරී සංවිධාන දක්වන අන්දමට මෙම සංඛ්‍යා මීට වඩා විශාලය.සිදු වූ ආර්ථික සමාජීය බිඳ වැටීම් මැන දැක්වීමද අපහසුය.
ඊශ්‍රායල් ක්‍රියාන්විත දියත් වූයේ පලස්තීනය එල්ල කරගෙනය.නමුත් සටන් විරාමයක් සිදු කරනු ලැබුවේ ඉරානය සමගය.ඊශ්‍රායලයේ පලස්තීන ක්‍රියාන්විතය අවසන්ද? එය ප්‍රශ්නාර්ථයක් පමණි.ඊශ්රායල් මෙහෙයුම් ජන සංහාරයක ස්වරූපයෙන් පැවතියදී ලොව පුරා ජනතාව පලස්තීන ආක්‍රමණය හෙලා දකිමින් සිටියහ.අමෙරිකාවේද පලස්තීන ආක්‍රමණයට විරුද්ධ උද්ඝෝෂණ මතු වෙමින් තිබුණි.පලස්තීනයේ පවත්නා ස්භාවය පිළිබඳ සංවේදී වූ පෙන්ටගන් යුධ නිලධාරියෙකු සේවයෙන් පහකිරීමේ තර්ජනයටද ලක් වේ. පලස්තීනයට සහයෝගය පිණිස දියත් වූ මානුෂික මෙහෙයුම්වලට ඊශ්‍රායලයෙන් එල්ල වූයේද දැඩි විරෝධයකි.
ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන්නෙ මෙවැනි පසුබිමකදීය.එය තර්ජනාත්මක ඇගවීමක ස්වරූපය ගනී.එය හරියටම යුද්ධයේ පසු අවස්ථාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශන හා සමපාත වේ.ට්‍රම්ප් කියා සිටියේ ඉරානයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරිත්වය ලොවට තර්ජනයක් වන නිසා එය නවතා දැමිය යුතු බවයි.එම ප්‍රහාරයෙන් අඟවා සිටියේ එම තර්ජනය බවට සැකයක් නැත.මෙය අහඹු ක්‍රියාන්විතයක් හෝ ඊශ්‍රායලයේ තනි තීරණයක් නොවන බව බොහෝ නිරීක්ෂකයින්ගේ අදහසයි.මෙය අධිරාජ්‍යවාදීන්ගේ සැළසුම් හා ක්‍රියාන්විතවල ස්වරූපය කෙසේදැ යි ලොවට හඬ නගා කියා පෑමකි.