ලහිරු අචින්තගේ පුහුනුකරු සම්බන්ධව නියෝජ්‍ය ක්‍රීඩා ඇමති කළ ප්‍රකාශය අපයෝජකයන්ට රුකුල් දීමක්
ආසියානු යොවුන් ක්‍රීඩා උළලෙ මිටර් 1500 යේ තරගයේ රන් පදක්කම දිනාගත් ලහිරු අචින්තගේ පුහුනුකරු වන චමිල් බෝතොට සම්බන්ධයෙන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න විද්‍යුත් නාලිකාවක් සමග පැවති සාකච්ජාවකදී , බෝතොට පිළිබද දැන හෝ නොදැන සිදු කළ ප්‍රකාශය ළමා අපයෝජකයන්ට රුකුල් දීමක් බව මානව හිමිකම් ක්‍රියාධරිනියක් අප සමග පැවසුවාය.
අමාත්‍යවරයා එම සාකච්ජාවේදී පුහුනුකරු පෞද්ගලික සිද්ධියක් මත ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටව ගොස් ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බවත් අවශ්‍ය නම් එම පුහුනුකරු හෝ වෙනත් පුහුනුකරුවෙකු අචින්තට ලබා දිය හැකි බවත් පවසයි.
බාහරේන් හී පැවති අසියානු යොවුන් ක්‍රීඩා උළලෙ රන්පදක්කම අත්පත් කර ගත් අචින්ත මුහුණ පොත හරහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමේ මෙසේ සදහන් වේ.

රන් පදක්කම් ලාභී ලහිරු අචින්ත
ජනාධිපතිතුමනි මේක මගේ අහිංසක ඉල්ලීමක් …..
“ජනාධිපත්තුමනි මම මගේ පුහුනුකරු ලග නොමැතිව තනිවම පුහුනුවිම් කළා. මම මගේ වේගයේ කාලය මැන්නේ තනියම.පුහුනු වුණේ තනියම. ඒවා කවුරුත් දන්නේ නැති දේවල්. මගේ පුහුනුකරු චමිල් බෝතොට. මම බෝතොට සර්ව අවුරුදු එකහමාරකින් ඇස් දෙකකට දැකලා නැහැ. දුරකතනයෙන් තමා පුහුනුවිම් වලට උපදෙස් ලබා ගන්නේ. මන් තනියම පුහුකරුවෙකු නැතිව පුහුනුවිම් කරලා තමයි ආසියානු වාර්තාවක් සමග රන් පදක්කමක් දිනුවේ. සර් ළමයි වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා ,මගේ සර්ට ඇති වුණ මරණ තර්ජන නිසා සර්ගේ ගේ මුළු පවුලම ඉන්නේ හැංගිලා. ගරු ජනාධිපතිතුමනි මගේ බෝතොට සර් මගේ ලගට ගෙනත් දෙන්න මගේ පුහුනුවිම් කර ගන්න . සර් ලග හිටියොත් 2028 ඔලිම්පික් පදක්කම මම ලංකාවට ගෙන්න පුළුවන්.”
අචින්ත මුහුණු පොතේ තැබු සටහන සමග ඇලෝසියස් විද්‍යාලයේ ළමා අපයෝජන සිද්ධියත් එම විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයා ලෙස කටයුතු කළ චමිල් බෝතොට ගුරු වෘත්තිය අතහැර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටමං සිටින්නේ ඇයි ද යන්න පිළිබද නැවත කතා බහක් ඇති වී තිබේ. මුළු රටට අචින්ත ජනාධිපතිවරයාගෙන් ඉල්ලු අහිංසක ඉල්ලීම ගැන දැනුවත් තත්වයක් ඇතුලේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා බෝතොට පාසලෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටව ඇත්තේ පෞද්ගලික හේතුවක් මත යැයි ප්‍රකාශ කිරීම බරපතළ ප්‍රකාශයකි.එම ඉල්ලීමේ පැහැදිව ළමයි වෙනුවෙන් වැඩ කළ සර්ට මරණ තර්ජන ,සර්ගේ මුළු පවුලම ඉන්නේ හැංගිලා යනුවෙන් සදහන් වේ.
අචින්ත රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ඔහුගේ මුහුණු පොතෙන් ජනාධිපතිතුමගෙන් කළ ඉල්ලීම ගලවා දමන්න කියලා හමුදාවේ නිලධාරීන් අචින්තට තර්ජනය කර ඇති අතර ගුවන් තොටුපලෙන් පිට වෙද්දී , 2028 ඔලිම්පික් තරගවාලියට සහභාගි වී රන් පදක්කම ගෙන එන බව හැර අනවශ්‍ය දේවල් ප්‍රකාශ නොකරන්නැයි ඔහුට නියෝග කර ඇත.
ඇලෝසියස් විද්‍යාලයේ හිටපු විදුහල් පති සනත් චමින්ද කළුබෝවිල ළමුන්ට වටිනා තැගි බෝග ලබා දෙමින් දිර්ඝ කාලයක් තිස්සේ එම විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ ළමුන් අපයෝජනය කරන බවට ලැබුණු තොරතුරක් මත ළමා ජාතික ළමා ආරක්ෂ අධිකාරීය මගින් 2022 අගෝස්තු 23 වනදා විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාගත කරන ලදී. දින හතකට පසුව අධිකරණය සැකකරුව ඇප මත මුදාහැරියේ.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරීය සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ ද විදුහල්පතිවරයා ඇප මත මුදාහරින තෙක් අපයෝජනයට ලක් වු ළමුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට එම අධිකාරීය කටයුතු කර නොතිබුණි.
මෙම අප අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරීයට තොරතුරු ලබා දුන්නා යැයි සැක කර අචින්තගේ පුහුනුුුුකරු වන බෝතොට 2023 නොවැම්බර් 14 උදේ 7ට පමන රත්නපුර සීවලි ක්‍රීඩාංගයේදී පහර දෙන අතර මුලින් එම මැර පිරිස පහර දෙනු ලබන්නේ රන් පදක්කම් ලාභි අචින්තටය. මැර පිරිසට අයත් වන්නේ රත්නපුර ක්‍රීඩා නිලධාරී ජානක වසන්ත කුමාර නොහොත් අලකොලයා රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රෝහිත ගුණරත්න , ශ්‍රී ලංකා යුධ හමුදාවේ අසිත රත්නසේන ,ශ්‍රී ලංකා ගුවන් හමුවේ ලසන්ත ප්‍රදීප් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අසංක රත්නසේන යන අය වෙති.
මැරයන් බෝතොට , අචින්තට සහ තවත් සිසුන් කිපදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ඇති අතර පසු ගුරුවරුවන් පිරිසක් මැදහත් ඔවුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත. රත්නපුරේ රජයෙ රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය මැරයන්ගේ අපයෝජකයන්ගේ පැත්ත ගනිමින් පහර කෑ පුහුනුකරුට සහ ශිෂ්‍යයන්ට කුඩම්මාගේ සැලකිලි දක්වා තිබිණ. රන් පදක්කම ලාභී අචින්ත සහ අනෙකුත් සිසුන් රෝහලෙන් පිටමං කර ඇත්තේ රෝහල් ගතව සිටි බවට කිසිදු ලියවිල්ලක් නොමැතිවය. ඔයා බොරුවට ඉන්න එපා ගෙදර යන්නැයි එම රෝහලේ වෛද්‍යවරයෙකු නේවාසිකව ලබමින් සිටි බෝතොට පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පැවරු නඩු 2023 නොවැම්බර් 18 වන දා අධිකරණය හමුවේ කැද වු අවස්ථාවේ පහර කෑමට ලක් බෝතොටව රෝහලෙන්හ මුදා හැර ඇතැයි පොලිසිය අධිකරණයට කරුනු වාර්තා කර තිබේ. නමුත් ඒ වන විටත් බෝතොට රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරීය සහ වින්දියන් ආරක්ෂා කිරීමේ ආයතන වගකිම් නිසි ආකාරයෙන් ඉටු නොකිරීමටත් වඩා සාක්කිකරුවන් සහ විදිතයන් පාවා දීම නිසා සමහරුන්ට ජිවිතය බේරා ගැනීම රටින් පවා පිටුවහල් වීමට පවා සිදු වී තිබේ.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරීය පැවරු නඩුවට පෙනී සිටිමින් එම අධිකාරීයට පෞද්ගලිකව තොරතුරු ලබා දුන් තොරතුරුකරුගේ සියලු තොරතුරු ළමා අධිකාරීයේ සභාපති උදය කුමාර විවෘත අධිකරණයේ හමුවේ හෙළි කළේය.
ශාන්ත ලොසිස් විද්‍යාලයේ හිටපු විදුහල්පති ළමුන්ව අපයෝජනයට ලක් කිරීමේ නඩුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවති.
මෙම සිද්ධිය අපයෝජකයන්ට සහ උන්ගේ හෙන්චයියන්ට යට ගැසීමට ඉඩ නොදී සමාජ හමුවේ තැබු UNITED HUMAN RIGHTS ආයතනයේ විධායක් අධ්‍යක්ෂිකා ප්‍රනීතා වරුණකුලසුරියට සහ සහපති එච්. ඒ. අමරසිංහට අපේ ප්‍රණාමය. ලහිරු අචින්ත මුහුණු පොතේ සටහනක් තබමින් UNITED HUMAN RIGHT ආයතනයට ස්තුතිය පල කර තිබුණි.