පැවති ධනපති ආණ්ඩු යටතේ මුහුණ දුන් ප්‍රශ්න එළසින්ම ජවිපෙ /ජාජබ ආණ්ඩුවට යටතේ ද මුහුණ දෙන බව ධීවරයෝ පවසති
ධීවරයන්ගේ රැකියා ,ජිවන තත්වයන් රැක ගන්නේ කෙසේද? යන මැයෙන් අත්පත්‍රිකා කොළඹ ක්‍රියාකාරී කමිටුව අද (08) පෙරවරුවේ මීගමුවේ ධීවර නිවස්න හා පිටිපන ලෙල්ලම ආශ්‍රීතව බෙදන ලදී.
කොළඹ ක්‍රියාකාරී කම්ටුව නියෝජනය කරමින් , උදය ප්‍රේම් , නිහාල් ගීකියනගේ , මාධ්‍යවේදී ශාන්ත විජේසුරිිය සහ කරුණාගොඩ යන සහෝදරවරුන් එම අත්පත්‍රිකා බෙදුහ.
පැවති අනුප්‍රාප්තික ආණ්ඩු මෙන්ම ජවිපෙ / ජාජාබ ආණ්ඩුව තම ප්‍රජාව පොහොසත් රටක් සහ ලස්සන ජිවිත උදා කර දෙන බව පවසා රැවැට්ටු බව ලුවිස් නැමති ධීවරයා අප සමග පැවසීය. ලීටර් 20 ඔයිල් කැන් එකාක් රුපියල් 44.000 වන බවත් එක් දින ධීවර යාත්ත්‍රාවකට දිනකට අවශ්‍ය වන්නේ ලීටර් 10ක් වුවත් එය දරා ගත නොහැකි බවත් බහු ධීවර යාත්ත්‍රාවකට ලීටර් 100 අධික ප්‍රමානයක් අවශ්‍ය වන අතර ඔයිල් සහ තෙල් වලට යන වියදම ධීවරයන්ට දරා ගත නොහැකි බව පෙන්වාදුන් ඔහු ධීවරයන්ගේ ප්‍රශ්න විසදා ගැනීම සදහා ධීවරයන් මුලිකත්වය ගත් සංවිධානයක් අවශ්‍ය බවත් කීය.
රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා මෙන් ජවිපෙ ද ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දී නැතැයි කී ඇන්තනි ක්‍රියාකාරී කමිටු පිහිටු වීමට එකග බවත් අප සමග පැවසීය.
ආණ්ඩු මෙවර අයවැයෙන් ද ධීවරයන්ට සහන සනසා නැතැයි කී ජුඩි මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල පැසසුමට ලක් කළේය. මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මෙන්ම අනෙකුත් සමාජ ප්‍රශ්න ධනපති ක්‍රමයේ ප්‍රශ්න වන බව පෙන්වාදුන් අපි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු තරුණයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පමනක් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විසදීය නොහැකි බවත් මත්ද්‍රව්‍ය මෙන්ම කම්කරු – පීඩිත මහජනයා මුහුණ දෙන අනෙකුත් සමාජ ප්‍රශ්න අවසන් කළ හැක්කේ ධනපති ක්‍රමය අතුගා දැමිමෙන් පමනක් බවත් අපි පැවසුවෙමු.
අත්පත්‍රිකා 500 කට ආසන්න ප්‍රමානයක් ධීවරයන් සහ සමාන්‍ය ජනයා අතට පත් කරන්න කොළඹ ක්‍රියාකාරී කමිටුවේ සහෝදරවරුන් සමත් වු අතර එම ධීවරයන්ගෙන් බහුතරයක් දෙනා අපට සාවදාන ඇහුන්කම් දී අපේ ක්‍රියාකාරී කමිටු යෝජනාවට එකගතාවය ළුල කළා පමනක් නොව ,ධීවරයන් රැස් කර දෙන්නම්, එදිනට පැමින ඔවුන්ව දැනුවත් කරන්නැයි ඉල්ලා සිටියහ.








