අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහා නිදහස් කරන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලති

ඉන්දියන් ව්‍යාප්තවාදය සහ අයි.එම් .එෆ් . මර උගුල පරදවමු !යන මැයෙන් මාර්තු 20 වෙනිදා කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවති විරෝධතා උද්ඝෝෂණයට පොලිසිය පහර දී විරෝධතාකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හා ඔවුන් වහාම නිදහස් කරන්නැයි ජනාධිපති රනිල් ව්‍ක්‍රමසිංහගේ ආණ්ඩුවට බල කර අද (25) දහවල් පිටකොටුව බෝගහ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය ජන අරගල ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබු අතරට ඊට සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටියහ .

සටන් පාඨ ලිව් පුවරු ඔසවාගෙන විරෝධතාකරුවන් කරව් කරව් -නිදහස් කරව් සියලු දෙනා -නිදහස් කරව් ජන අරගලෙ -අතරතුරේ හිර කළ අය – නිදහස් කරව් ජන මතයක් – අනුමැතියක් අහලක නැති -ආණ්ඩුවක් තුවක්කුවෙන් -මර්දනයෙන් -රට ගෙන යන -ආණ්ඩුවක් යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂකයෝ විරෝධතාවයේ නිරත වුහ .

මෙම විරෝධතා උද්ඝෝෂණයට වෘත්තීය සමිති නායකයිිින් , බහුජන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරයින් සහ කම්කරු -පීඩිත මහජනයා සහභාගි වී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *