අධිකරණයට අත නොදමන්නැයි නීතිඥවරු ආණ්ඩුවට අනතුරු අගවති

අධිකරණයට අත නොතබන්නැයි ආණ්ඩුවට බල කර කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (09) පෙරවරුවේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණයට උතුරු -නැගෙනහිර පළාතෙන් නීතිඥවරු විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

අධිකරණයට අත දැමීම මෙම මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ටි . සර්වනරාජාට බලපෑම් කිරීමට එරෙහිව විරෝධය ඵල කිරීම සදහා එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

අධිකරණය බිය ගන්වා ප්‍රජාතන්ත්‍රවාදය නොමරනු ! මුලතිව් විනිසුරුට සාධාරණය ඉටු කරනු! භාෂණයට, ප්‍රකාශනයට වැට බදින මර්දන නීති එපා ! ත්‍රස්ත වීරෝධී පනත හකුළා ගනු! ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු! යන සටන් පාඨ සහිග පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් නීතිවරුන් විරෝධතාවයේ නිරත වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *