අධිරාජ්‍ය ගැති සියොන්වාදය පරදවා ,එකාබද්ධ සමාජවාදී රාජ්‍යයක් ගොඩගන්නැයි පලස්තීන සහ ඊශ්‍රායල් කම්කරු -පීඩිතයින්ගෙන් කොක්‍රික ඉල්ලයි

පලස්තීන පීඩිතයින්ට එරෙහි අධිරාජ්‍ය ගැති සියොන්වාදී ප්‍රහාරය පරාජය කරන්නැයි ලෝක පරිමාන කම්කරු පීඩිත මහජනයාගෙන් ඉල්ලමින් ,කොටුව දුමිරිය පොල ඉදිරිපිට ඊයේ (26) විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

කොළඹ ක්‍රියාකාරී කමිටුව මගින් එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි .

ගසා තීරය නිදහස් කරනු ! පලස්තීනුවන්ට එරෙහි අධිරාජ්‍යවාදී සියොන්වාදී සමුල ඝාතන නතර කරනු ! ද්විත්ව රාජ්‍ය උගුල එපා ! කම්කරුවනි ,යුධ අවි පැටවීම වර්ජනය කරනු ! ගසා පීඩිතයින්ට එරෙහි බෙහෙත් ,වතුර , ආහාර තහංචි බිදිනු !මධ්‍යධරණී මුහුදෙන් ඇමරිකානු ප්‍රහාරක නෞකා ඉවත් කරනු 1 ජන විලෝපනයට සහය දෙන ශ්‍රී ලංකා ධනපති ආණ්ඩුව හෙළා දකිමු ! සහ පලස්තීන් ,ඊශ්‍රායල් කම්කරු පන්තියේ එක්සත් සමාජවාදී පාලනයක ගොඩ නගමු යන සටන් පාඨ සහිත පුවරු රැගත් විරෝධතාකරුවෝ පලස්තීනයට පීඩිතයන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාරය -නතර කරව් , පලස්තීන වටලෑම -අවසන් කරව් ,ඊශ්‍රායල් හමුදා -නිරායුද කරව් , වතුර බෙහෙත් ආහාර – ගාසාවට බලා දියවි

කිරිදරුවන් -බිලි ගනිමින්

කිරිමව්වරු -බිම හෙළමින්

කන බොන දේ -නැති කරලා

රෝහල් ටික -ගිනි තියලා

අධිරද ගැති -සියොන්වාදය

මෙන්න මිනී -මරනවා

ලෝකෙ පුරා-ධනපතියන්

යුද්ධ ලාභ – ගනිනවා

ලේ රස තලු – මරනවා

ඊශ්‍රායලෙ – පලස්තීනෙ

කම්කරුවෙනි – එකතු වන්න

ඇමරිකාවේ -යුරෝපයේ

කම්කරුවනි -පෙළ ගැසෙන්න

ආසියාවේ -මුලු ලෝකයේ

පීඩිතයිනි -නැගී එන්න

යුද්ධ කරන – ලාභ ගරන

ධනවාදය – වල දමන්න යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂයේ නිරත වුහ .

ඊශ්‍රායල මිලිටරි සියොන්වාදීන් අඩසියවසකට ආසන්න කාලයක් තුවක්තුවේ බලයෙන් පලස්තීන් කම්කරු -පීඩිත මහජනයා යටපත් කරගෙන සිටියහ . ඹක්තේම්බර් (07) වන දා පලස්තීන් විමුක්ති හමුදා ඊශ්‍රායලය තුළ කඩා වැදී සිදු කළ ප්‍රහාරය එම යටපත් කර තබා ගැනීමට එරෙහිව පලස්තීන් කම්කරු -පීඩිත මහජනයාගේ පළල් සහයෝගය සහාය ඇතිව සිිිදු කළ නැගිටිමකි .

හමාස් විමුක්තීකාමීන් ඊශ්‍රායලයට එරෙහිව එල්ල විශ්මිත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල පාලක පන්තිය පමණක් නොව ව්‍යාජ වාම සංවිධාන අන්දමන්ද විය .

හමාස් විමුක්තීකාමීන් ඊශ්‍රායලයට එරෙහිව එල්ල ප්‍රහාරය හමුවේ ලෝක පරිමානවත් ලංකාවේ ඇතුලෙත් ව්‍යාජ වාම සංවිධාන බරපතළ වියාකුලත්වයක් නිර්මාණය කෙරිණ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුලින්ටම ඊශ්‍රායල _පලස්තීන සිවිල් විසියන් ඝාතනය හෙළා දකිමු 1 ඇමරිකානු -ඊශ්‍රායල ලේවැකි යුධකාමයට සහ හමාස් අන්තවාදයට එරෙහි වෙමු ! යැයි ඊශ්‍රායල -පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙරටුගාමීන් පක්ෂයේ පන්තී අස්ථානය විය .පසු කම්කරු -පීඩිත මහජනාගේ බලපෑම් මත පෙරටුගාමී පක්ෂය හමාස් අන්තවාදය එරෙහි වෙමු යන සටන් පාඨ ඉවත් කර ගත්තේය .

ජනතා විමුක්ති පෙරමුණ ද්විත්ව රාජ්‍ය පිහිටු වන්නැයි ඔවුන් අධිරාජ්‍යවාදීන්ට බල කරන ගමන් ඊශ්‍රායල් හමුදා සහ පලස්තීන විමුක්තී හමුදා ඝාතන හෙළා දකියි . ද්විත්ව රාජ්‍ය වැඩපිළිවෙල එත්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙලක් වන අතර ජවිපෙ එම ප්‍රතිගාමී වැඩපිළිවෙලට සම්පුරණ සහය පල කර ඇත .

කොළඹ ක්‍රියාකාරී කම්ටුව පලස්තීන කම්කරු- පීඩිත මහජනයාගේ නිදහස් අරගලය වෙන්වෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින අතර ද්විත්ව රාජ්‍ය පලස්තීන කම්කරු -පීඩිතයින්ගේ ගෙල සිරකරන මර උගුලක් බව පෙන්නා දෙන අතර කොළඹ ක්‍රියාකාරී කම්ටුව ඊශ්‍රායල් සහ පලස්තීන කම්කරු පීඩිතයන්ට ‌ඉල්ලා සිටිනනේ , අධිරාජ්‍යවාදී පිටුබලය ඇති ‌බෙජමින් නෙතනයානු පාලනය පෙරළා දමා ධනවාදයට එරෙහි ස්වාධීන එකාබද්ධ සමාජවාදී රජ්‍ය පිහිටු වන්න කියාය . ඒ මාවත හැරෙන්න ඊශ්‍රායල මෙන් පලස්තීන කම්කරු -පීිඩිතයන්ට අධිරාජ්‍යවාදීන් හෙංචියෙකු වන සියොන්වදයෙන් ගැලවීමට වෙනත් මාවතක් ඇත්තේ නැත. හිතන මතන සියලුම කම්කරු -පීඩිතයින්ගෙන් ඉල්ලා සිටිිිිිින්නේ කොළඹ ක්‍රියාකාරී කමිටුව වටා එකතු වන ලෙස ඉල්ලමු .

ජායාරූපය -අරුණ ඉන්දික විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *