අලෙවි මවුලාන උත්සව ශාලාව කිත්සිරි රාජපක්ෂ මැරයා‌ගෙන් බේරා ගනිමු !

මරදාන ආනෝල් මාවතේ පිහිටි අලෙවි මවුලානා උත්සව ශාලාව කොළඹ සුදු වැල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායෙකු වන කිත්සිරි රාජපක්ෂ නැමැත්තා විසින් බලහත්කාරයෙන් අල්ලා අල්ලා ගෙන එම උත්සව ශාලාව ඉදිරිපිට අනවසර ඉදිකිරීම් කරගෙන යන බවට මහජනයා කොළඹ මහ නගර සභාවට පැමිණි කර ඇත.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු සහ නිළධාරීන් රාජපක්ගේ මැර ක්‍රියා හමුවේ ඊට එහිව ක්‍රියා මාර්ග ගැනීමට නොව ඒ ගැන කතා කිරීමට පවා බියක් දක්වන බව නගර සභා සේවකයෝ පවසති . කප්පම ගැනීම් , මුදල් වංචා කිරීම් සහ මැර ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණ වල නඩු ඇති අතර මේ සියලුම අපරාධ ඔහු විසිින් සිදු කරන්නේ ජනාාාධිපති රනිල් වික්‍රමසිංහගේ නම විකුණාගෙන බවත් වාර්තාවේ .

2023 වර්ෂයේ පෙබරවාරි 04 වැනිදා වික්‍රමසිංගේ ආ්ව නිදහස සැරීමට සමගාමීව සැබෑ නිදහසක් නැතැයි ගාලුමුදොර අරලගකරුවන් මරදාන එල්ෆිස්ටන් රගහල ඉදිරිපිට වාඩිලාගෙන සිදු කළ විර‌ෝධතාවය කඩාකප්පල් කර අරගලකරුවන්ට එරෙහිව පොලිසීය උසිගන්වන ලද්දේ කිත්සිරි රාජපක්ෂගේ මැරයෝ විසිනි . මරදාන පොලිසීයේ සිථානාධිපතිගේ ද දැනුවත් භාවය උඩ සිදු වු ක්‍රියාවකි .

අලෙව් මවුලානා උත්සව ශාලාව ඉදිරි කර ඇත්තේ එක්සත් නිදහස් සන්ධාන ආණ්ඩුවේ හිටපු කම්කරු ඇමතිවරයෙකු , බාහිර පළාකේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වු සහ හිටපු පර්ලිමේනතු මන්ත්‍රීවරයෙකු ‌ වු අලෙවි මවුලානාට උපහාරයක් වශයෙනි . ඔහු ජිවත් වුයේ ද සුදු වැල්ල ප්‍රදේශයේය .

අලෙවි මවුලානා උක්සව ශාලාව අවහිර කරමින් කිත්සිරි රාජපක්ෂ බුදු පිළිම ඉදිකරන්නට පටන්ගෙන ඇත. මෙම උත්සව ශාලාව පිහිටි මරදාන ආනෝල්ඩ් මාවතේ ජිවත් වන ජනගහනයේ බහුතරයක් මුස්ලිම් ජනයා වෙති . මුස්ලිම් ජනයාට එරෙහිව කිත්සිරි රාජපක්ෂ බුදු පිළිම ඉදිරියට දාමාගෙන ආගම්වාදයක් අවුලවා ශාලාව අත්පත් කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසමින් සිටියි .

රාජපක්ෂගේ මෙම මැර ක්‍රියාවට එරෙහිව සමගි ජන බලවෙිගයේ මැද කොළඹ සංවිධායක සහ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඔහුලේ ලේකම්වරයෙකු අප කළ විමසුමකදී පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *