අවුරුදු 21 කට පසු තරුෂි රන් පදක්කමක් දිනා ගනී

මේ දිනවල චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය.

ශ්‍රී ලංකාව වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ,දිනාගත් රන් පදක්කම මෙන්ම මිටර් 800 කාන්තා තරග ඉසව්වෙන් දිනාගත් පලමු රන් පදක්කම ද මෙයයි.

තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වු අතර එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය.

වයස අවුරුදු 18 ක් වන තරුෂි පාසැල් ශිෂ්‍යාවකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *