අවුරුදු 40 ක් ගෙවල් කුලී ‌ගෙවු මහල් නිවැසියන්ට එම නිවාස වල වටිනාකම ගෙවා අයිතිය ගන්නැයි නිවාස සංවර්ධන අධිකාරීය බල කරයි

කොළඹ මාලිගාවත්ත සංඝරාජ මාවත මහල් නිවාස සංකිරණයේ පදිංචි නිවැසියන්ට බස්නාහිර පළාත් නිවාස සංවර්ධන අධිකාරීය නිවාස මගින් එම නිවාස වල තක්සේරු වටිනාකම සදහන් ලියුම් යවා එම මුදල ගෙවන නිවැසියන්ට පමණක් එි නිවාස වල සින්නක්කර අයිතිය ලබා දෙන බවට දැනුම් දී ඇත.

බස්නාහිර පළාත් නිවාස සංවර්ධන අධිකාරීය සංඝරාජ මාවත නිවාස වල තක්සේරු වටිනාකම වරින් වර ඉහළ නන්වා ලියුම් එවා ඇති බව ද එම නිවැසීයෝ පවසති .

ඔවුක් එසේ පැවසුවේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන් මුහුණ දි ඇති ගැටළු ගැන සාකච්ජා කිරීම සදහා පෙරේදා (26) සවස එම ිවාස සංකීරණයේ පැවති සාකච්ජාවකදීය .

මෙම රැස්විම කැදවා තිබුණේ මහජන කවුන්සිලය සදහා වු ව්‍යාපාරය මගින්ය .එම ව්‍යාපරය නියෝජනය කරමින් එම අවස්ථාවට නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහ නීතිඥ ජගත් කුමාර යන අය ද සහභාගි වී සිටියහ .

වසර 40 කට ආසන්න කාලයක් පවුල් 300 ක පමණ පිරිසක් සංඝරාජ මාවත නිවාස සංකීරණයේ පදිංචි වී සිටිති .

රජය එම නිවාස අවුරුදු 17 කට පසු සින්නක්කර අයිතිය හිමි කර දෙන බවට පොරෝන්දුව මත සංඝරාජ මාවත නිවාස මහජනයාට ලබා දී ඇත. නමුත් මේ වනතෙක් එම නිවාස මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් ඔවුන්ට පවරා දීමට කටයුත් කර නොමැත.

මෙම නිවාස සංකීරණය ඉදිකර ඇත්තේ එම ස්ථානයේ තිබු නිවාස බලහත්කාරයෙන් කඩා දමා භුමීය අත්පත් කරගෙන බව පැවසු කාන්නාවක් අපට තිබුණේ තට්ටු දෙකේ ගෙයක් , නමුත් නිවාස සංකීරණය හැදුවාට පස්සේ අපට ලැබුණේ එක නිවසක් බව කීවාය .

අවුරුදු 40 කට ආසන්න කාලයක සිට මෙම නිවාස වල පදිංචිකරුවන් නිවාස සංවර්ධන අධිකාරීයට මාස්පතා ගෙවල් කුලී ගෙවා තිබියදීත් නැවත ‌ගෙවල් තක්සේරු කර එම නිවාස වලට මුදල් ගෙවන අයට පමණක් සින්නක්කර ඔප්පු ලබා දෙනවා යැයි සදහන් කිරීම බලවත් අසාධාරණයකි . එම භුමීයේ මුල් පදිංචිකරුවන්ට එම නිවාස ලබා දුන්නේ ඔවුන් පදිංචිව සිටි ඉඩම් අත්පත් කර ගැනීමටය . ඔවුන් ද අවුරුද 40 කට ආසන්න කාලයක් ගෙවල් කුලී ගෙවා ඇත.

නිවාස සංවර්ධන අධිකාරීයේ අයුක්ති සහගත ක්‍රියාවට එරෙහිව සංඝරාජ නිවාස සංකීරණයේ නිවැසියන් මෙහි දී පෙත්සමක් ද අත්සන් කරන ලද අතර එම පෙත්සම යොමු කර තිබුණේ බස්නාහිර පළාත් නිවාස සංවර්ධන අධිකාරීයට වන අතර එහි පිටපත් ජනාධිපත්ට , නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාට , නිවාස සංවර්ධන අධිකාරීයේ සභාපති සහ කොළඹ නගර සභාවට යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *