ආණ්ඩුවේ ණය ගැනීම හා වියදම බිලියන 9000ක් බැගින් වැඩි කරයි

මෙම වසර සදහා අයවැයෙන් අනුමත කරන ලද ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 9000 කීන් වැඩි කර ගැනිම සදහා හා වියදම් කිරීමේ සීමාව රුපියල් බිලියන 9000 කින් වැඩි කර ගැනීමේ සදහා ආණ්ඩුව විසර්ජන පනතට සංශෝධනයක් ඉදිරිපත්් කර තිබේ .

ජුලි 20 දින පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට එම සංශෝධන ඇතුළත් කර ඇති අතර ඒ අනුව 2023 වර්ෂය සදහා අයවැය මගින් මුදල් අනුමත කරන ලද 2022 අංක 43 දරණ විසර්ජන පනතෙු් ණය ගැනීමේ සීමාවට ආදාළ වගන්තිය හා සේවා වියදමට ආදාළ වගන්තිය සංශෝධනයට ලක් කිරීමට නියමිතය .

2023 වර්ෂය සදහා ණය ගැනීමේ සීමාව වශයෙන් පාර්ලිමේන්තු විසර්ජන පනත මගින් අනුමත කර ඇත්තේ රුපියල් බිලියන 4979 ක් වන අතර සංශෝධන මගින් එය රුපියල් බිලියන 13,979 ක් දක්වා වැඩි කිරීමට නියමිතය .ඒ අනුව ණය ගැනීම තුන් ගුණයකට ආසන්න අගයකින් හෙවත් සීයයට 280 කට වඩා වැඩි ප්‍ර්‍රමානයකින් වැඩි කිරීමට නියමිතය .

මෙන්ම2023 සේවා වියදම ලෙස පාර්ලිමේන්තුව විසර්ජන පනත මගින් අනුමත කර ඇත්තේ ආසන්න ව‍‍‍‍‍‍‍‍‍‍‍‍‍හයෙන් රුපියල් බිලියන 4222 ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍(රු.4,222,233,362,000) ක්වන අතර එය ආසන්න ව‍‍‍‍‍‍‍‍‍‍ශයෙන් බිලියන 13,,222(13,222,233,362,00) ක් වැඩි කිරීමට නියමිතය . ඒ අනුව සේවා වියදම තුන් ගුණයකට වඩා වැඩි අගයකින් හෙවත් සීයයට 325 කින් වැඩි වීමට නියමිතය .ආණ්ඩුව මෙසේ ණය ගැනීමේ සීමාව හා සේවා වියදම් වැඩි කිරීමට යන්නේ 2023 අයවැය මගින් පළාත පාලන මැතිවරණය සදහා වෙන්කරන ලද මුද්ල පවා අත්‍යාවශය නොවන වියදම් ලෛස සලකා ලබා නොදෙමන් තිබෙන තත්වය තුළය .

ණය සීමාව හා සේවා වියදම් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්නදු පැවැසුවේ අප රටේ ණය සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ප්‍රශ්නය වඅඩි පොළියට ණය ගැනීම බවත් එම ණය ගෙවීම සදහා ඊටත් වඩා වැඩි පොළියකට ණය ගැනීමට සිදුවන බවත් ඒ නිසා ණය ගැනීමේ සීමාව මේ ආකාරයට වැඩි කරන බවත්ය.

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *