ආණ්ඩුව විදුලි බිල 18% වැඩි කරයි -ජලය සහ විදුලිය කපා හැරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් -නීතිඥ සංජය විල්සන්

,ලංකා විදුලි බල මණ්ඩලය අද (20) සිට ක්‍රියාත්මක වන පරිිිදි විදුලි ගාස්තු 18% කින් වැඩි කර ඇති අතර මේ වසර (2023) සදහා තුන්වතාවක් විදුලි බිල වැඩි කිරීමට එම මණ්ඩලය කටයුතු කර තිබේ .

විදුලි බිල වැඩි කිරීම සදහා ලංකා වීදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම සලකා බැලීම සදහා ඊයේ (19) රැස් වු මහජන උපයෝගීතා කොමිසම සභාව 18% කින් විදුලි බිල වැඩි කිරීම සදහා එම මණ්ඩලයට අනුමැතිය ලබාදුන් බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍ර්‍රනාන්දු මාධ්‍යයට පැවසීය .

විදුලි එකක 00 -30 පැවති ගාස්තුව රුපියල්10 සිට රුපියල් 12 දක්වා වැඩි වී ඇති අතර පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 150 සිට රුපියල් 180 දක්වා වැඩි කර ඇත.

විදුලි ඒකක 31-60 දක්වා රුපියල් 300 සිට රුපියල් 360 දක්වා ද ඒකක 61-90 දක්වා රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ද ඒකක 91 සිට 120 දක්වා රුපියල් 1000 සිට රුපියල් 1,180 දක්වා ද ඒකක 121-180 දක්වා රුපියල් 1500 සිට රුපියල් 1,770 දක්වා ද ඒකක 180 වැඩි රුපියල් 2,000 සිට රුපියල් 2,360 දක්වා ද වැඩි කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ධනපති ව්‍යවස්ථාවට අනුව මේ රටේ ජනාධිපති විමෙන් පසු තෙල් , ගෑස් පෝලිම් සහ අහාර හිගයක් නැතිව රට හරි දිසාවට ගමන් කරමින් තිබෙන බව වික්‍රමසිංහලාගෙන් වැටෙන ඉදුල් කා වැඩෙන වන්දිභටයන් පවසති . වසරක් ඇතුළත තුන්වතාවක් විදුලි බිල වැඩි කිරීමෙන් රට හරි දිසාවට ගමන් කිරීම ‌කෙසේවෙතත් ධනපති ආණ්ඩුවේ මිනී වළ හාරන දිසාවට කම්කරු -පිඩිත මහජනයා ගමන් කරමින් සිටිති .

අනෙකුත් මුලික අවශයතාවයන් අතර ජලය සහ විදුලිය ලැබීම මුලික අයිතීයක් වන බවත් ආණ්ඩුව කම්කරු -පීඩිත මහජනයාට දරාගත නොහැකි මට්ටමට ජල සහ විදුලි බිල් ඉහළ දමා . පසු ‌ නොගෙව් බව කියා ජලය සහ විදුලිය කපා හැරීම මුලික අයිතීන් උල්ලංඝණය කිරීමක් බවත් ජලය සහ විදුලිය අනිවාර්යෙන් ලබා දීමට ආණ්ඩුවක් බැදී සිටින බව නීතිඥ සංජය විල්සන් ලංකා ස්කයි නිවිස් කළ විමසුමකදී පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *