ආණ්ඩුව සතොස සේවකයින් 292 අත්තනොමතිකව විශ්‍රාම ගැන්වීමට යයි

සතොස පාලනාධිකාරීය සේවකයින් 292 ක් අත්තනොමතිකව විශ්‍රාම ගැන්වීමට එරෙහිව  එම සේවකයින් තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වි ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද  (27)  විභාගයට ගැනුනු  අතර පසුව එම නඩුව ඔක්තෝම්බර් 02 දා තෙක් කල් දමන ලදී.

 කොළඹ කොම්පඤ්ඤ විදියේ සතොස මුලස්ථානයේ සේවයේ නියයුතු සිටි සේවකයින් 292 ක් එහි පාලනාධිකාරීය විසින් අත්තනොමතිකව විශ්‍රාම ගැන්වීමට එරෙහිව එම සේවකයින්  ඊයේ (26) එම මුලස්ථානයේ පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ .

මෙම විශ්‍රාම ගැන්වීම සැතැම්බර් 30 සිට ඔක්තෝම්බර් 15 දක්වා කාලය තුළ සිදු කරන බව පාලනාධිකාරීය සේවකයන්ට ලිඛිතව දන්වා ඇත.

මෙසේ අත්තනොමතිකව විශ්‍රාම ගැන්වීමට යන  සියලුම සේවකයින් ස්ථිර සේවකයින් වන අතර ඔවුන් අතර අවුරුදු 07 සිට අවුරුදු 25 දක්වා  අතර කාලය තුළ සතොස ආයතනයට ශ්‍රමය කැඹරුවෝ  සිටිති .

බලහත්කාරයෙන් විශ්‍රාම ගැන්වීමට එරෙහිව සතොස සේවකයින් මිට පෙර ද සතොස මුලස්ථානය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වා ඇත.

අවුරුදු 12 ත් 13 ත් අතර කාලයක් වැඩ කළ සේවකයෙකුට විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නේ ලක්ෂ 07 ත් 08 ත් අතර සොච්චම් මුදලකි . අවුරුදු 25 වැඩ කළ සේවකයෙකුට විශ්‍රාම දීමනාව ලෙස ලැබෙන්නේ ලකෂ 25  කි. එම වන්දි මුදල පාලකයින් ගණනය කර ඇත්තේ සේවකයින්ගේ වැටුප් අනුපාතය අනුවය. සිය කැමැත්තෙන් විශ්‍රාම යන සේවකයෙකුට අඩුම තරමේ අවුරුද්දකට මාස 08 වැටුපක්  ලබා දිය යුතු බව  එහි සේවකයෙකු ලංකා ස්කයි සමග පැවැසීය.

සතොස සේවකයින්ට සොච්චම් මුදලක් දී ආණ්ඩුව එම ආයතනය පෞද්ගලික අංශයට විකුණා දැමීමට කැසකවන බව සේවකයෝ පවසති.

සතොස ආයතනය තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෘත්තීය සමිති දෙකකි.  එම වෘත්තීය සමිති දෙක සතොස සේවකයින් දොට්ට දැමීමට එරෙහිව වෘත්තීය  සමිති ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇත. එම සන්ධානයෙන් වෙළද හා ආහාර සුරක්ෂිත ඇමති නලීන් ප්‍රනාන්දුගෙන් සහ එම අමාත්‍යංශයේ ලේකම්ගෙන් සාකච්ජාවක් ඉල්ලා සිටිය ද මේවන තෙක්  එම සාකච්ජාව ලබා  නොදුන් බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සතොස ශාඛාවේ ලේකම් එම් .ඒ .එච් බලදේව අප සමග පැවැසීය .

බලයේ සිටින්නේ පොදුජන පෙරමුණු හෙවත් පොහොට්ටු ආණ්ඩුවකි . ශ්‍රීලනිප එම ආණ්ඩුවේ හවුල්කරුවෙකි . ඇමති ප්‍රනාන්දු සහ සතොස පාලනාධිකාරීය ප්‍රජාතන්ත්‍ර විරෝධීව බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වන්ට යන්නේ එම පක්ෂ දෙකට අයත් සතොස වෘත්තීය සමිති  සමාජිකයන්වය .

සතොස කම්කරුවන් ආණ්ඩුවේ රුදුරු කප්පාදු වැඩපිලිවෙලට සහ වෘත්තීය සමිති  වල පාවාදීම් වලට එරෙහිව සටන් වැදිමෙන් මෙහා සේවක අයිතිවාසිකම් දිනාගත නෙහැකියත

මෙම ප්‍රවෘත්තීයේ මුල් ජායාරූපය lankadeepa.lk වෙබ් අඩවියෙන් ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *