ඇතුගල සහ හෙට්ටිආරච්චිගේ දඩුවම් මාරුව අවලංගු කරනු! රක්ෂණ සංස්ථාව විකිණීම නතර කරනු !

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විද්‍යුත් ලිපිනය ව‍‍ෘත්තීය සමිති කටයුතු වලට පාවිච්චි කළා යැයි එම ආයතනයේ පොදු සේවක සංගමය ලේකම් දිවාකර ඇතුගලට ස්ථානමාරුවක් ලබාදීමටත් රක්ෂණ සංස්ථාව දෙකඩ කර විකිණීමටත් එරෙහිව අද (15) දහවල් කොළඹ වොක්ෂෝල් විදීයේ රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මධ්‍යස්ථානය යටතේ බැංකු ,ටෙලිකොම් ,ගුරු සංවිධාන සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක සමාජිකයින් සහ නායකයින් සහභාගි වී සිටියහ . උද්ඝෝෂකයින් රක්ෂණයදෙකඩ කිරීම නවතනු ! රක්ෂණය වික්කොත් ගෑස් මිල අහස උසට !සහ රක්ෂණ වෘත්තීය සමිති මර්දනය නවතනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරතවුහ .

සමාජවාදී සමනතා පක්ෂය ද එම ස්ථානයේ ඊට සමගාමීව විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වු අතර තොරතුරු දැන ගැනීමේ අයිතීය ආරක්ෂා කරනු ! සියලු මර්දන නීති අහෝසී කරනු ! ඇතුගල සහ හෙට්ටිආරච්චිගේ දඩුවම් මාරු අවලංගු කරනු ! සහ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වු ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගමු !යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වුහ .

මෙම උද්ඝෝෂණ දෙකකටම සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටියහ . රක්ෂණ කම්කරුවන් එම උද්ඝෝෂණ දෙකටම සහභාගි නොවුන අතර පසු ඔවුන් එම ස්ථානයේ වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමට සහ රක්ෂණය විකිණීමට එරෙහිව විරෝධතාවයක් පවත්වා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *