ඉල්ලීම් නොදුන්නැයි දුම්රිය රිදුරන් වර්ජනය කරති – දුම්රිය ගමන් වාර 100ක් අවලංගුයි

දුම්රිය පාලනාධිකාරීය ඉල්ලීම් ලබා නොදුන්නැයි ලොකොමොටිව් ඔපරේටිං ඉංනියර්ස්  දුම්රිය රියදුරු සංගමය ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද (07) දින දුමිරිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වු බව දුම්රිය දෙපාර්මේන්තුවේ නිලධාරියෙක් පැවසීය .

දුම්රිය රියදුරු වැඩවර්ජනය අද පස්වරුව දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීම  නිසා පස්වරුවේ කාර්යාල සේවකයන් ඇතුළුව දිනය අවසන් කර නිවෙස් බලා යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි ජනතාව අපහසුතාවට පත්වූහ.

සියලුම දුම්රිය මාර්ගවල සිට අද පෙරවරුවේ පිට පළාත්වලින් දුම්රිය කොළඹට පැමිණිය ද පස්වරුවේ එම දුම්රිය රැසක් කොළඹින් පිටත් නොවීමෙන් මගී ජනතාව අපහසුතාවට පත්වූහ.

කෙසේ වෙතත් අද පෙවරුවේ ද දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවිය.

රාත්‍රී තැපැල් දුම්රිය සහ දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි අද රාත්‍රී ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ප්‍රකාශයෙක් පැවසුවේ බලධාරීන් සිය ඉල්ලීම්වලට අවධානය යොමු නොකරන්නේ නම් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *