ඉහල පෙලේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් රාජ්‍ය බැංකු දෙකකට රුපියල් කෝටි 8.000 ක පොල්ලක්

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් රාජ්‍ය බැංතු දෙකකින් රුපියල් කෝටි 8000 ක පමණ ණය මුදලක් ලබාගෙන එම මුදල ගෙවීම පැහැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකිමක් බව ලංකා බැංතු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පවසයි .

සේනානායක මේ බව හෙළි කළේ කොළඹ විහාර මහ ‌දෙවි උද්‍යානයේ පැවති සමුළුව අමතමින්ය .

මෙම ව්‍යාපාරිකයන් ඉහල ව්‍යාපාර කරමින් ‌දේශපාලන රැකවරණ ලබමින් උපයන මුදල් මෙරට තැන්පත් කරමින් ආදාළ බැංකු දෙකට පොලු තියා ඇති බවත් ලංකා බැංකුවට රුපියල් 5000 ක් ද මහා බැංකුවට රුපියල් කෝටි 3000 ක් ‌ගෙවීමට ඇති බව සේනානායක පැවසීය .

රාජ්‍ය බැංකු දෙකට විශාල මුදලක් ගෙවන්නට තිබෙන ව්‍යාපාරිකයන්ගේ නම් හෙළි කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටින බවත් එසේ හෙළි නොකළහොත් මහජනයාගේ යහපත වෙනුවෙන් ඉදිරියෙදී එම නම් හෙළි කිරීමට සිදු වෙන බව ඔහු පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *