ඊනියා යුක්තිය මෙහෙයුමට එරෙහිව මාධ්‍යවේදි ශාන්ත විජේසුරිය මානව හිිිිිිමිකම් කොමිසමට යයි

අරුණ ඉන්දික විසිනි

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ , කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් සහ ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදී සංගමයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී ශාන්ත විජේසුරියගේ මඩපාත සාරභුමී නිවසේ තිබි “යුක්තිය මෙහෙයුම නම්න් පීඩිත තරුණයන් ඇතුළු මහජනයාට එරෙහිව මුද්‍ර හැර ඇති රාජ්‍ය භිෂණය පරාජය කරනු !” යන අත් පත්‍රීකා 500 ක පමණ ප්‍රමානයක් සහ ඊනියා යුක්තිය මෙහෙයුමට එරෙහිව පෙබරවාරි 27 වන දා පැවැත් වු උද්ඝෝෂණය දැනුම් දීම සදහා මුද්‍රණය කර තිබු පොස්ටර් තොගයක් පෙබරවාරි 24 වැනිදා සවස 4 ට පමණ කැස්බෑව ‌පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් එම නිවසට කඩා වැදි රැගෙන යෑමෙන් ඔහුගේ සහ කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ භාෂණයේ ,ප්‍රකාශනයෙ සහ සංවිධානය විමේ අයිතිය මුළුමනින්ම උල්ලංඝණය කර ඇතැයි මාධ්‍යවේදී විජේසුරිය අද (23) උදේ බම්බලපිටියේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය .

කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති සමරසිංහ ඇතුළු නිලධාරීන් මාධ්‍යවේදී විජේසුරියගේ නිවසට කඩා වැදි , එම නිවසේ තිබු අත් පත්‍රිකා සහ පොස්ටර් තොගය රැගෙන ගොස් තිබුණේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද සෝදිසි වරෙරෙවකට අනුවය .

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 484 හා 485 වගන්ති අනුව එම සෝදිසි වරෙන්තුව නිකුත් කර තිබිණ.

කොළඹ ක්‍රියාකාරී කමිටුව මගින් ඊනියා යුක්තියේ මෙහෙයුමට එරෙහිව පිළියන්දල නගරයේ කම්කරු -පීඩිත මහජනයා දැනුවත් කිරීම සදහා පෙබරවාරි 24 වන දා අත්පත්‍රිකා බෙදා හරිමින් සිටියදී එම කම්ටුවේ සමාජිකයෙකු වන පුන්‍යවර්ධන සහෝදරයා පිළියන්දල පොලිසියේ සිවිල් ඇදුමින් සැරසී සිටි නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගියහ . අි ‌‌පිළියන්දල පොලිසියට යන විටත් පුන්‍යවර්ධන සහෝදරයාව ස්ථානාධිපතිවරයගේ කාමරයේ රදවාගෙන සහකාර පොලිස් අධිකාරි වික්‍රමසිංහ ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියේය. පසු පුන්‍යවර්ධන සහෝදරයාගේ කට උත්තරයක් ලබාගෙන පැය දෙදකට පසු මුදා හරින ලදි .

මාධ්‍යවේදි විජේසුරිය මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලෙ වගඋත්තරකරුවන් ‌ ලෙස කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති සමරසිංහ ,පිළියන්දල ස්ථානාධිපති අත්නගමගේ ,කැස්බෑව පොලිසියේ උප පොලිස් පරික්ෂක වීරසිංහ ආරච්චිලාගේ පොඩිරාළහාමි පොලිස්පති ‌දේශබන්දු තෙන්නකොන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අයවලුන් නම් කර ඇත.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි විජේසුරිය වගඋත්තරකරුවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් ගොනු කිරීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *