ඊශ්‍රායල ආණ්ඩුව සහ හමාස් සටන්කාමීන් සටන්විරාමයකට එකග වෙති

ඊශ්‍රායලය සහ හමාස් සටකාමීන් අතර පළමු සටන්විරාමය ප්‍රකාශයට පත් කෙරේ.

දින හතරක සටන්විරාමයක් වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීමට ද මග පාදයි .

ඊශ්‍රායලයේ සිරකදවුුුරුවල සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් රදවාගෙන සිටින ළමුන් සහ කාන්තාවන් 50 දෙනෙකු නිදහස් කරු ඇත.

දින හතරක් ඇතුළත සටන්විරාමය තුළදී අවම වශයෙන් කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් සිදුවනු ඇතැයි අගමැති කාර්යාලය පැවසීය .

මුද්‍රහරින ලද සෑම අමතර ප්‍රාණඇපකරුවන් 10 දෙනෙකු සදහා සටන්විරාම කාලය දිර්ඝ කරන බවත් පලස්තීන සිරකරුවන් නිදහස් නොකරන බව අගමැතිවරයා සදහන් නොකර එසේ පවසා ඇත.

සියලුම ප්‍රාණඇපකරුවන් ආපසු ගෙදර යැවීමට ඊශ්‍රායල රජය කැප වී සිටින බවත් එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ පළමු අදියර ලෙස යොජිත ගනුදෙනුව අද (22) රාත්‍රියේ සිට අනුමත කර තිබේ .

ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය ද අද (22) ප්‍රකාශයක් නිකුත් කරමින් ,ඊශ්‍රායලය විසින් ඊශ්‍රායල කාන්තාවන් සහ ළමුන් 150 ක් නිදහස් කිරීම වෙනුවට වෙනත් ස්ථාන වල රදවා සිටින කාන්තාවන් සහ ළමුන් 50 ක් නිදහස් කරන බව තහවුරු කරයි

ඊශ්‍රායලය අත්අඩංගුවේ සිටින අයගේ මිතුරන් සහ පවුලේ අය විරෝධතාවයකදී ඔවුන් නිදහස් කරන ලෙසට අගමැති බෙජමින් නෙතයානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති .

ඔවුන් තම ආදරණීයන්ගේ ජායාරූප අතැතිව විරෝධතාවයේ නිරත වුහ .

ඊශ්‍රායලය ගාසා තීරයේ සියලුම හමුදා ක්‍රියාමාර්ග නවත්වන බවත් මානුෂීය ,වෛද්‍ය සහඉන්ධන ආධාර රැසක් ට්‍රක්රථ සිය ගණනක් ප්‍රදේශයට ඇතුල් වීමට ඉඩ දෙන බවටත් එහි සදහන් විය .

ඔක්තෝම්බර් 07 වනදා සිට මේවන තෙක් පැවති යුද්ධයෙන් පලස්තීන ජාතිකයින් 14100 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදා විසින් මරා දමා ඇති බවත් හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර වලින් ඊශ්‍රායල ජාතිකයින් 1200 පමණ මිය ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මිලියන 1.7 ක පමණ ජනතාවකට ඔවුනගේ නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් ඇති බව සදහන් කරයි .

ජායාරූප සහ තොරතුරු අල් ජාසීරා ඇසුරින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *