ඊශ්‍රායල -හමාස් ගොඩබිම් යුද්ධය හමුවේ ,ගාසි හී විශාලතම රෝහල් දෙක වසා දමයි

නොමේරූ ළදරුවන් ඇතුළු තවත් රෝගීන් ‌‌ඛෙීදජනක ලෙස මිය යන නිසා ගාසා හි පිහිටි ප්‍රධාන රොහල් දෙක වන අල් ෂිෆා සහ අල් ෆ්‍රඩිස් වසා දමා ඇත.

ඊශ්‍රායල ස්නයිපවරුන් අල් ෂිෆා රෝහල අසල සිටින ඔනෑම කොනකුට වෙඩි තැබිම නිසා විශාල පිරිසක් රෝහල ඇතුලේ සිර වී සිටිති .

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පවසා ඇත්තේ ,ගාසා තීරයේ සිවිල් වැසියන් ඉවත් කිරීමේ කොන්දේසී අනාරක්ෂිත බවයි.

යුරෝඵීය සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී Josep Borrell පවසා ඇත්තේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනත් රෝහලකට මාරු කර යැවීම සදහා විරාමයක් අවශ්‍ය බවයි .

සිකුරාදා ප්‍රධාන සමග සම්බන්ධතා නැති විමත් සමග මිය ගිය සහ තුවාල ලැබු සංඛයාව යාවත්කාලීන කර නොතිබුන ද ඔක්තෝම්බර් 07 සිට මේ වන තෙක් මරා දැමු පලස්තීනුවන් සංඛ්‍යාව 11 ,000 කට වඩා මිය ගොස් ඇති බවත් හමාස් සංවිධානය ඊශ්‍රාලයට කඩා වැදි සිදු කළ ප්‍රහාර වලින් 1400 ක් ඊශ්‍රායල ජාතිකයින් මිය ‌ගොස් ඇත.

අල් ෂිෆා රෝහලේ සේවය කරන ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය Nidal abu Hardrous පැවසුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය විදුලිය හෝ ජලය නොමැතිව සහ පිටතට යෑම සදහා ආරක්ෂාව නොමැතිව ව්‍යවසනකාරී තත්වයකට මුහුණ දී ඇති බවයි . මෙය වැඩි කල් පැවතිය නොහැකි බවත් කාර්ය මණ්ඩලය සහ රෝගීන් බේරා ලැනීම සදහා හදිසි මැදිහත්වීමක් අවශ්‍ය බව අබු හඩ්රූස් අල් ජසීරා සමග පැවසීය .

උතුරු ගාසා තීරයේ කමල් අඩ්වාන් රෝහලේ ද එහි ප්‍රධාන ව්දුලි ජනක යන්ත්‍රය ඉන්ධන අවසන් විමෙන් පසු මෙහෙයුම් අත්හිටුවා ඇති බව රෝහල් අධ්‍යක්ෂක අහමඩ් අල් කහ්ලුට් අල් ජසීරා සමග කිය .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාමි පැවසුවේ අල් ෂිෆා රෝහලේ තත්වය ඉතාමත් භායනක බවයි.

ආරක්ෂිත තෝතැන්නක් විය යුතු රෝහල මරණය , විනාශය , සහ බලාපොරෝත්තු සුන්වීම වැනි දර්ශන බවට පර්වර්තනය වන විටලෝකයට නිශ්ශබ්දව සිටිය නොහැක යනුවෙන් ටෙඩ්‍රොස් අද්නාම් අදහස් පල කරමින් කියා සිටියේ අල් ෂිෆා රෝහල තවදුරටත් ක්‍රියාත්මක නොකරන බවයි .

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය ප්‍රකාශ කර ඇත්තේ ,නෙමේරූ (අලුත උපන් ) දරුවන් මිය ගිය සංඛයාව තිදෙනෙකු බවයි .

අල් ජසීරා ඇසුරින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *