උතුරේ තරුණයන් දඩුකදේ ගැසීම අරඹයි

කොළඹ ත්‍රස්ත විමර්ශන එකකය මගින් අත්අඩංගුවටගෙන ,බොරු චෝදනා ගොනුකර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව සෙල්වනායගම් ආනන්ද වර්මන් (40) ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කිරීම නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය බැවින් වර්මන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

වර්මන් ආහාර වර්ජනය කරමින් උපවාසය ආරම්භ කර අදට දින 07කි .

ත්‍රස්ත විමර්ශන ඒකකය ඔහුට කටඋත්තරයක් බලා ගැනීම සදහා මාර්තු 26 එම ඒකකයට එන්නැයි දන්වා , වර්මන් පැමිණි පසු අත්අඩංගුවටගෙන මාර්තු 28 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .

වර්මනව අත්අඩංගුවට ගෙන ඇත්තේ, සමාජ මාධ්‍ය උපයෝගි කර ගනිමින් එල්ටිටිඊ සංවිධානය නැවත ගොඩනැගීම සදහා ප්‍රවර්ධන කටයුතු වල යෙදුනේ යැයි යන චෝදනාව එල්ල කරමින්ය .

දෙදරු පියෙකු වන ඔහු වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වර්මන් සුළු පරිමාන ව්‍යාපාරිකයෙකි .

රජයේ ආරක්ෂක අංශ වර්මන්ව 2009 වර්ෂයේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී වැළෑක්විමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිට 2016 නිදහස් වී ඇත.

දැනට ජිවතුන් අතර සිටින එල්ටිටිඊ සමාජිකයින් සදහා පවත්වාගෙන යන සුභ සාධක සංගමයේ වවුනියා නායකයා වන්නේ වර්මන්ය .

රනිල් -රාජපක්ෂ ආණ්ඩුව එල්ටිටිඊ සංවිධානය නැවත සංවිධානය වන වා යැයි උතුරු -නැගෙනහිර තරුණයන්ව අත්අඩංගුවට ගෙන වධබන්ධනයන්ට ලක් කිරීම සහ මානව විරෝධී සහ නීති විරෝධී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දිර්ඝ කාලයක් රදවා තබා ගනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *