උන්ටත් වෙඩි තියලා ,සර්ටටත් වෙඩි තියලා ,මමත් වෙඩි තියා ගන්නවා -පොලිස් කොස්තාපල්

සර් අද රෑ මම වැඩ ,උන්  අදත් අවොත් උන්ටත් වෙඩි තියලා  ඊට පස්සේ සර්ටත් වෙඩි තියලා, මමත් වෙඩි තියා ගන්නා බවට ගම්පොල නවකුරුදුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු ස්ථානාධිපතිවරයාට තර්ජනය කර ඇත.

නවකුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපති සරත් විජේසිංහගේ නියෝගය මත එම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 29.12.2023 දින ළමුන් දෙදනෙකුගේ ශරිර පරික්ෂා කර ඇති බවත්  ස්ථානාධිපතිවරයා  31.12 2023 වන දින ආධුනික පොලිස් කොස්තාපල් (103272) සාවින්ද  ඔහුගේ නිල කාමරයට කැදවා  පෙරේදා පරික්ෂා කරන ලද ළමුන්ගේ දෙමව්පියන්ගෙන් සමාව ගැනීම සදහා ඔවුන්ගේ නිවෙස් වලට යාමට එන්නැයි කියද්දී , කොස්තාපල්වරයා එසේ පවසා ඇත.

ස්ථානාධිපතිවරයාගේ නියෝගය මත සාවින්ද ඇතුළු නිලධාරීන් මෙසේ  ශරීර පරික්ෂා කර  ඇත්තේ ,අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අක්කාගේ පුතා සහ ඔහුගේ  යාළුවෙක් වෙති .

 සර් ළමයිව චෙක් කරන්න කියපු නිසා තමයි අපි ළමයිව චෙක් කළේ . සර් දැන්  අපි මත වරද පටවලා ඇගබේරා ගන්න හදනවා .සර් ගැන අපට කිසිම විශ්වාසයක් නැහැ . සර් වගකිම භාර නොගන්නා නිසා සර් කියන එවා මම කරන්නේ නැතැයි පොලිස් කොස්තාපල්වරයා සාවින්ද ස්ථානාධිපතිවරයාට පවසා ඇත..

 නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ බියගුළු ක්‍රියා කලාපය නිසා ඔහුව විනය හේතුමත වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙසටත් ඒ වෙනුවට තාවකාලික අනුප්‍රාප්තික නිලධාරියෙකු පත් කිරීමට අනුමැති ඉල්ලා මාධ්‍යම පළාතභාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලිලත් පතිනායක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් වෙත යවන ලද ලිපියේ  ඒ ගැන සදහන්ව වේ .

ළමුන්ව පරික්ෂා කිරීමෙන් ඔවුන්ට අවමානයක් සිද්ධ වු වා   යැයි අමාත්‍යවරයාගේ අක්කාගේ ස්වාමී පුරුෂයා පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් බැණ වැදී ඇත. ඊට පසු දින බිමත්ව වාහන වලින් පැමිණි පිරිසක් ස්ථානාධිපතිවරයාට සහ ළමුන් පරික්ෂා කළ නිලධාරීන්ට බැණ වැදි කලහාකාරී ලෙස හැසිරි ඇති බවත් “කරපු දෙන්නා දන්නවා කෙහේ දි හරි හම්බ වුනොත් බලා ගන්නම් “ යැයි තර්ජනය කර ඇත.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය වල ඵලවිමත් සමග මධ්‍යම පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගම්පොල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසා ඇති බවත් එහි දි ඒවැනි සිද්ධියක් නොවු බවත් සුහදව කතා බහක් පමණක් සිදු බව කුරුදුවත්ත ස්ථානාධිපතිවරයා තමන් සමග පැවසු බව දන්වා ඇත.

පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාශ භාර  නිලධාරියාට ආදාළ පොලිස් ස්ථානය අධික්ෂණ්‍ය කරනු ලබන දිස්ක්‍රික් නිලධාරීයා සමග ගොස්  විමර්ශනයක් සිදු කරන ලෙසත් එවැනි ආකාරයට පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හෝ බැණ තර්ජනය කර ඇත්නම්     විමර්ශනයක් සිදු කර ආදාළ අයවලුන්ට එරෙහිව නීත්‍යානුකුල පියවර ගන්නා ලෙසට නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක විසින් උපදෙස් ලබා දී ඇත.

පසුව එදින රාජකාරියේ නියැලි සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දේවසිංහ ගෙදර සරත් විජේසිංහ , එදින රාත්‍රි කාර්යභාරය නිලධාරි ලෙස කටයුත් කළ පොලිස් සැරයන් 872 තල්වත්තේ ගෙදර උපාලි, පොලිස් සැරයන් 62716 නුවර රාජපක්ෂ ගෙදර නිමල් උපතිස්ස යන අයගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

 පොලිස් සැරයන් 62716 නිමල් ජයතිස්ස ප්‍රකාශයක් ලබා දෙමින් “අමාත්‍යවරයාගේ අක්කාගේ පුතා වන ඉන්දික අමරසිංහ යන අය නිල් පැහැති කාර් රථයකින් පැමිණ ,පොලිසිය ස්ථානය ඉදිරිපිට නතර කොට, කලිසමක් අත්කොට ටී ෂර්ට් එකාක් ඇද සිටි පුද්ගලයෙකු දරුවා පාසැල් යවන්නත් බැහැ ලැජ්ජයි හොරෙකි චෙක් කරනවා වගේ ගේ ඉදිරිපිට දි චෙක් කර ඇති බවත් සාක්කුවේ චොකලට් තියෙන්නේ කෙල්ලන්ට දෙන්න දැයි පරික්ෂා කළ නිලධාරින් ළමුන්ගෙන් විමසා ඇති බවට” ඔවුන් චෝදනා කළ බව පවසා ඇත.

මේ දින වල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ මැඩලීමේ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් වලට නිලධාරීන් මෙහෙවා සිදු කරන රාජකාරී වලදීයම් පුද්ගලයෙකු අපහසුතාවයට  පත් වුයේ නම් ඒ සම්බන්ධව ස්ථානාධිපතිවරයා සෘජුවම මැදිහත් වී ඔවුන්ට කරුණු අවබෝධ කර දී සමථයට පත් කර ඔවුන්ගෙ අකල්ප නිවැරදිව කිරීම වෙනුවට ඉතා බියගුළු ලෙස හා අනිකුත් නිලධාරීන් අහසුතාවයට පත් වන ආකාරයට කටයුතු කර ඇත් බවත් මෙහු කිසිදු ලෙසක ස්ථානාධිපතිවරයෙකු ලෙස තබා ගත නොයුතු නිලධාරියෙකු බවට නිරික්ෂණය වන අතර ඒබැවින් මේ සම්බන්ධයෙන් සම්පුර්ණ විමර්ශනයක්  වාර්තාවක් ඉදිරිපත් කරන අතර ඒතෙක් ඔහු විනය හේතුමත ස්ථානාධිපති තනතුරේන ඉවත් කිරීමටත් ඒ වෙනුවට තාවකාලිකව අනුප්‍රාප්තික නිලධාරියෙකු පත්කිරීමට අනුමැතිය පතා පතිනායක විසින් වැඩ බලන පොලිස්පතිට යවන ලද ලිපියේ වැඩිදුරටත් එසේ සදහන් වී ඇත..

 යුක්තියේ මෙහෙයුමෙන් රට පුරා දහස් ගණනක් තරුණයන් අත්අඩංගුවට ගෙන සමහරු  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙසේ අත්අඩංගුවට ගන්නා පිරිසෙන් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය මගින් අයිස් හෝ හෙරෝයින් දමාය .

පොලිසිය රටේ මුලික නීතිය පවා නොතකා  අත්තනෝමතිකව පුද්ගලයන් අත්අඩංගුවට  ගෙන වධහිංසා පමුනුව මුලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කර  රක්ෂිත බන්ධනාගාර ගත කරද්දී , අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අක්කාගේ පුතාගේ ශරීර පරික්ෂාවක් සිදු කළා යැයි පොලිසියට  පැමිණ චන්ඩි පාට් දන්නේ ඔවුන් මේ රටේ සුවිශේෂි පිරිසක් යැයි  සිතා සිටිති .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ සියලු දෙනා සමාන යැයි සදහන් ව තිබුණත් අප ජිවත් වන්නේ පංති සමාජයකය . පංති සමාජයකදී නීතිය යනු අධිපත්‍ය දරණ  පංතියේ  රැකවලාය .

අමාත්‍ය අලුත්ගමගේ පරම්පරාවෙන්  සමාව ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් කොස්තාපල්වරයටත් පොලිසිය බැණවැදි තර්ජනය කළ අය නීතිය හමුවට පැමිණ විමට සහ පොලිස් නිලධාරීන් පාවාදුන් නවකුරුදුවත්ත පොලිසියේ නිවට බියලු ස්ථානාධිපතිවරයා  ඉවත් කිරීම සදහා පියවර ගත් මධ්‍යඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායකට අපේ ආචාරය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *