“උඹට ඉන්න දෙන්නේ නැතැයි” මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා පාසාද්ට තර්ජනය කරලා

උඹ මොකටද ඉස්පිරිතාලේ නතර වුණේ , උඹට මොකද වෙලා තියෙන්නේ ,මට පොලසියෙන් ගැහුවා , උඹ වැඩිය දලන්න එපා අපි උඹට ඉන්න තැනකවත් ඉන්න දෙන්නේ නැහැ එක හොදින් මතක තියා ගනින් බාබෝ කියලා තමාට මාලිගාවත්ත පොලිසියේ ස්ථානිධිපතිවරයා දුරකතනයෙන් තර්ජනය කර බැනවැදුණු බව මෙහොමඩ් පාසාද් ලංකා ස්කයි නිව්ස් සමග පැවැසීය .

පොලිසියේ පහර දුන්නැයි පාසාද් මේවන විටත් කොළඹ ජාතික රෝහලේ 22 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි .

ඔහු ජාතික රෝහලේ නතර වීමත් සමග මාලිගාවත්ත පොලිසිිියේ එස් .අයි .පෙරේරා සහ කොස්තාපල්වරයෙක් පාසාද්ගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සදහා එම රෝහලට ජනවාරි 16 සවස 3 .30 පමණ පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ පෙරේරා මාලිගාවත්ත පොලිසියේ ඔ් .අයි. සී . කතා කරනවා යැයි ඔහුගේ දුරකතනය පාසාද් දී ඇත.

උඹ ඉස්පිරිතලේ මොකද කරන්නේ ,උඹට කවුද ගැහුවේ ,මට ‌‌පොලිසියෙන් ගැහුවේ ඇයි සර් දන්නේ නැද්ද ? උඹ වැඩිය දගලන්න එපා , උඹට ඉන්න තැනකවත් ඉන්න දෙන්නේ නැහැ .එක හොදින් මතක තියාගනින් බබෝ යැයි මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඔහුට මෙසේ තර්ජනය කර ඇත.

පාසාද් මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා තමාට දුරකතනයෙන් බැණ තරජනය කළා යැයි වට්ටුව භාර වෛද්‍යවරයාට ද පැමිණි කොට ඇත.

පාාසිද්ව මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී නාමල් පුෂ්පකුමා ඇතුළු නිළධාරීන් පිරිසක් ජනවාරි 05 වනදා අත්අඩංගුවට ගනු ලබන්නේ මුදල් අච්චු ගැසුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය .

පොලිසිය මගින් ඔහුව අත්අඅංගුවටඩ ගන්නේ දුම්රිය නිවාස ශ්‍රී සද්ධර්මාරාම මාලිගාවත්ත යන ලිපිනයේ පදිංචි වී සිටියදීය .

අපරාධ අංශයේ ප්‍රධානීයා ඔහුගේ දතක් කැඩෙන්න පහර දී ඇති අතර දෙදිනක් පොලිසියේ රදවගෙන පහර දී පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ .

තමා නීතිඥවරියන් මාර්ගයෙන් පහර දුන් බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දිමෙන් අනතුව රජයේ රෝහලකට ඇතුළත් කරන්නැයි නියෝග කර තිබියදීත් රෝහල් ගත කර නැත .

පාසාද් ඇප මත නිදහස් වී පැමිණ මාලිගාවත්ත පොලිසීයේ භාරයේ තිබු භාණ්ඩ ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ මව ඉදිරිපිට දී පැමිණිලි අංශයේ නිලධෘරියෙකු පාසාද්ට පයින් පහරක් ගසා එළවාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *