උසාවියට අපහාස කළා යැයි මාධ්‍යවේදී උඩුවගෙදර CID කැදවයි

අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිදු උඩුවගෙදරට ජුලි 04 වනදා උදේ අපරාධ පරික්ෂණ දෙපාර්මෙන්තුවට පැමිණ කටඋත්තරයක් ලබා දෙන්නැයි දැනුම් දී ඇත.

ප්‍රහසන ශිල්පී ජයනි නතාෂා එදිරිසුරිය “මෝඩාභිමිනී” standup comedy වැඩ සටහනක් මගින් බුදුන්ට අපහාස කළා යැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් ඇයව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අදහස් ප්‍රකාශ කළා යැයි මාධ්‍යවෛ්දී උඩුවගෙදර මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්මේනතුවට කැදවා ඇත.

නතාෂා බුදුන්ට අපහාස කළා යැයි කියන නඩුව ජුනි 07 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැදවු අවස්ථාවේ , මාධ්‍යවේදී උඩුවගෙදර ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කර ඇතැයි පැමිණිල්ලේ නීතිඥවරු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙනු ලැබිණ . පසුව මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබදව වහා පරික්ෂණයක් පවත්වා අධිකරණයට දැනුම් දෙන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය . ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් උඩුවගෙදර කැදවා ඇත.

මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ , මරදාන ඩීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්දයේය. එම මාධ්‍ය හමුවේ පෙනී සිටි උඩුවගෙදර ඇතුළු පිරිස් පෙන්වාදුන්නේ ආණ්ඩුව ආගමට මුවා වී භාෂණයේ හා ප්‍රකාශයේ අයිතීය මර්දනය කිරීමටත් කලාවට අණ පැනවීමටත් එරෙහිව මහජනයට නැගී සිටින්නැයි ඉල්ලා සිටියහ . සියලුම කථීකයන් තරයේ ප්‍රකාශ කළේ නතාෂා ආගමට අපහාස කර නැතැයි කියා සිටිහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *