කාන්තා හිංසක පින්තු අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

පොලිස් කාන්තාවකට හිරිහැර කළ පානදුර පොලිසියේ ප්‍රධාන පෙලිස් පරික්ෂක චාමින්ද පින්තුගේ වැඩ තහනම් කර නීතිමය පියවර ගන්නැයි ආණුඩුවට බල කර අද (17) සවස කොටුව පොලිස් මුලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවිත්විණ .

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන මගින්ය .

ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි වහා නිදහස් කරන්නැයි බල කර කාන්තාවන් දෙදනෙක් පසුගිය (12) වෙනිදා කළුතර සිට පා ගමනින් ගොල්ෆේස්ය යැමට පැමිණි අතර පානදුරේ දී පොලිසීය කාන්තා පා ගමන හරස් කර එම තාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලදි . කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කාන්තාවන් ඉදිරියට පැමිණියේ නැතැයි ප්‍රකෝප වු පානදුර පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පින්තු පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම විරෝධතායට හේතු වි ඇත.

විරෝධතාකරුවන් සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන පැයකට ආසන්න කාලයක් පොලිස් මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නියැලුණු අතර පසුව කළු ඇද ගත් කාන්තාවක් තමන්ගේම ඇදුමේ කාන්තා හිංසනයට එරෙහිව විවිධ සටන්පාඨ අදින්නට වු අතර ඉන් අනතුරුව අවට සිටි විරෝධතාකරුවන් ද ඇගේ ඇදුමේ සටන්පාඨ අදිමින් පොලිස් හිංසනයට එරෙහිව විරෝධය දැක් වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *