කැස්බෑව අධිකරණ භුමීයෙදි මාධ්‍යවේදි ශාන්ත විජේසුරියව වෙඩි තබා මරා දමන බවට පොලිස් සුනඛයෙක් උඩු බුරයි !

චරිත් ගුණසේකර

“ උඹ වැඩිය දැගලුවොත් වෙඩි තබා මරා දමන බවට” කැස්බෑව පොලිසියට අනුයුක්තව සේවය කරන 73309 අංකය දරණ පොල් හෙවත් මොල් නැමැති  පොලිස් කොස්තාපල්වරයා  ලංකා ස්කයි නිව්ස් ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට ජනවාරි ( 02) කැස්බෑව උසාවි භුමියෙදී තරජනය කර බැණ වැදුණු බව ඔහු පවසයි .

තර්ජනය කර බැණවැදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී විජේසුරිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්ට, අතිරේක රේස්ටාර්ට සහ කැස්බෑව දිසා අධිකරණයේ සේවයේ නියුක්තව සිටි 7018 අංක දරණ සාජන් චන්ද්‍රසේනට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කොට ඇත. පසුව ඔවුන්ගේ උපදෙස් මත මාධ්‍යවේදී විජේසුරිය එදිනම ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි වික්‍රමසිංහ හමුවේ ලිඛිත පැමිණිල්ලක් දමා ඇත.

මාධ්‍යවේදි විජේසුරිය මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ , 2019 මැයි 18 වෙනිදා  රිය අනතුරුකට ලක් කර බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි විජේසුරිය කැස්බෑව දිසා අධිකරණය හමුවේ ලක්ෂ පනහක වන්දි මුදලක් ඉල්ලා ගොනු කරන ලද නඩුවට පෙනි සිටිම සදහා ගොස් සිටි අවස්ථාවේදීය .

මාධ්‍යවේදි විජේසුරියගේ පුතා 2023 දෙසැම්බර් 06 දා රාත්‍රියේ කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර  පසුව ඔහුව මුදා හැරීම සදහා අත්අඩංගුවට ගත් නිලධාරීන්  රුපියල් 10,000 ක  අල්ලස් මුදලක් ලබා ගෙන ඇත . ඒ පිළිබදව මාධ්‍යවේදි විජේසුරිය කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති දිනේෂ් අත්තනගමගේට පැමිණිලි කිරීම තර්ජනය කිරීමට හා බැණ වැදීමට හේතුව බව ඔහු පෙන්වා දෙයි .

කැස්බෑව පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන සාජන් අල්විස් සහ රියදුරු මධුසංඛ අල්ලස් ගත් බවට මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය වෝදනා කරයි . එම අල්ලස් මුදල ලබා දෙන සිද්ධියට ආදාළ විඩියෝ පටයක් ද ඔහු සතුව ඇති බව මාධ්‍යවේදි ශාන්ත විජේසුරිය පවසයි .

මාධ්‍යවේදි විජේසුරිය පුතාව අත්අඩංගුවට ගෙන අල්ලස් ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට පැමිණිලි දමා ඇත.

මෙම අල්ලස් ගත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදි විජේදුරිය පොලිස් ඇමති ටිරාන් අලස්ව ද දැනුවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *