කැස්බෑව පොලිසිය මහජනයාට බොරු නඩු ඇටවිම් , අල්ලස් ගැනීම් ,කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම් වලට අමතරව ‌උන් නාන වතුර පවා මජනයාට ගෙන දෙන්නේ පීඩාවකි

කැස්බෑව පොලිසියේ නාන හා අනෙකුත් අපවිත්‍ර ජලය කොළඹ -බණ්ඩාරගම (162) මාර්ගයට  බැහැර කිරීම නිසා පා‌රේ ගමන් කරන මහජනයාට මෙන්ම ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට ජලය රැදීම නිසා  එම ව්‍යාපාරිකයන් බලවත් අපහසුතාවයට පත්ව ඇතැයි  මාකන්දන ප්‍රදේශවාසිහු පවසති .

පොලිසිිය මෙසේ පාරට බැහැර කරන ජලයෙන් දුර්ගන්ධයක් හමන බවත් වතුර ස්ථාන කිපයක රැදිම නිසා මදුරු කීටයන් ‌ දක්නට ලැබෙන බවත් රාත්‍රි කාලයේ විශාල වතුර ප්‍රමාණයක් පාර පුරා ගලාගෙන යෑම නිසා දවල් කාලයට පොලිසියේ සිට මිටර් 150 ක් සුදර්ශන මාවත දක්වා ඇලක් මෙන් වතුර ගලයි .

මේ පිළිබදව හිටපු සහ සිටින ස්ථානාධිපතිවරයා සහ මාකන්දනට අයත් සෞඛ්‍ය පරික්ෂකව දැනුවත් කළ ද මේවන තෙක් පොලිසියෙන් පාරට බැහැර කරන අපවිත්‍ර ජලය නතර කිරීමට පියවරක් ‌ගෙන නොමැත.

කැස්බෑව පොලිසියේ වත්මන් ස්ථානාධිපති අත්තන ගමගේට මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාවක් පැමිණිලි කර ඇති අතර ජලය බැහැර කිරීම සදහා අලුතින් වළක් සකස් කරමින් සිටින බව ඔහු පැවසුව ද පාරට ජලය ගලා යෑමේ අඩුවක් දකින්නට නැතැයි එම ව්‍යාපාරික කාන්තාව අප සමග පැවසුුුුවාය .

පොලිසිය පවත්වා‌ගෙන යන ‌‌එම ගොඩනැගිල්ල මුල දි ජගත් නැමැති ව්‍යාපාරිකයෙකුට අයත්ව තිබි පසුව ස්වර්ණ ස්ටීල් අයිතිකරු විසින් මිල දී ගෙන ඇත. මෙම ගොඩනැගිල්ලට විශාල මුදලක් ගෙවන බවත් වාර්තවේ . එම ගොඩනැගිල්ලේ අපවිත්‍ර ජලය බැහැර කරන වළවල් වල ධාරිතාවය ඇත්තේ 20 දෙනෙකුට පමණය . නමමුත් කැස්බෑව පොලිසියේ නිලධාරින් 80 ක් පමණ පිරිසක් සිටින අතර අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සමග සියක පමණ පිරිසක් පාවිචිචි කර බැහැර කරන අපවිත්‍ර ජලය ගබඩා කිරීමට තරම් එම වළවල් ප්‍රමාණවත් නොමැතිකම නිසා නල යොදා එම ජලය පුවක්වත්ත පාරේ කානු පද්ධතියට බැහැර කිිිිරීම නිසා එම ප්‍රශ්නයට හටගෙන ඇත.

ඇලක ආකරයෙන් නිතර පාරේ වතුර රැදීම නිසා ,පාරේ යන වාහන ගමන් කරද්දී , මගින්ට අපවිත්‍ර ජලය ස්නානය කිරීමට සිදු වන අතර මාකන්දන සුදර්ශනාරාම විහාරය ඉදිරිපිට බස්නැවතුම් පොල සම්පුර්ණයෙන් ජලයෙන් යට වීම නිසා එම ප්‍රදේශයේ පාසැල් දරුවන්ට මෙන්ම මහජනයාට බස් රථ වලට නැගීමේදී බලවත් දුෂ්කරතායවන්ට මුහුණ දීමට සිදු ඇත. සමහර බස් රථ එම බස් නැවතුම පොලේ ජලය රැදී තිබිම නිසා බස් රථ නතර නොකර ධාවනය කරන බව එම ප්‍රදේශවාසිහු වැඩිදුරටත් පවසති . ‌

කැස්බෑව පොලිසිය ආරම්භ කරන්නේ 2021 මැයි 17 වෙනිදා වන අතර එදා සිට එම ප්‍රදේශයේ ජනතාවට මෙන් පාරේ ගමන් කරන මගීන්ටද මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුුව ලංකාවේ සාමය හා නීතිය රකින ප්‍රධාන ආයතනය වන පොලිිසිය කටයුතු කරන්නේ මහජනයා පීඩාවට පත් කරන ආකාරයට නම් සාමය හා නීතිය රකින්නේ කෙසේද?

කම්කරු _පීඩිත මහජනයා ජිවත් වන නිවස්න ප්‍රදේශ වලට පැන චන්ඩි පාට් දාන සෞඛ්‍ය පරික්ෂකවරු කැස්බෑව පොලිසිය අපවිත්‍ර ජලය බැහැර කිරීමට එරෙහි නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ‌නිහඩව සිටින්නේ පොලිසිය නිසාද? පොලිසියට ඩෙංගු නීති සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමේ නීති බලපාන්නේ නැද්ද ? පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය පරික්ෂවරු යන සියලු දෙනා වැටුප් බලා ගන්නේ කම්කරු -පීඩිත මහජනයා ගෙවන බදු මුදල් වලිනි . නමුත් මුන් සියලු ‌දෙනා දඩ ගසන්නෙත් , සුරා ගෙන කන්නෙත් , අල්ලස් ගන්නෙත් , සිරගත කරන්නෙත් පීඩාවට පත් කරන්නෙත් කම්කරු -පිඩිත මහජනයාවම වෙති .

මාකන්දන කඩ පරික්ෂා කරන්න ගියා අවස්ථාවක එම කඩ මුදලාලිලා සහ ප්‍රදේවාසීන් පොලිස් ස්ථානයෙන් බැහැර කරන අපවිත්‍ර ජලය නිසා අපහසුතාවයට පත් වන බව වාචිකව පැමිණි කළා . මම ඊට පස්සේ පොලිසියේ නිලධාරීන් සහ පොලිස් ස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අයිතිකරු සමග සාකච්ජා  කර වළලක් කැපුවා .එම වළට ලක්ෂ 15ක් පමණ ගොඩනැගිල්ලේ අයිතකරු වැය කළා . නමුත් ඊට පස්සේ මම එහි ගිය අවස්ථාවක වතුර ප්‍රශ්නය විසදි නැතැයි පැමිණිලි ලැබුණා . වළ කැපුවාට පොලිසියේ නාන කාමර වල වතුර එම වලට හරවලා නැහැ . නාන වතුර සමිපුර්ණයෙන් හරවලා තියෙන්නේ පාරට . ප්‍රදේශවාසීන් මට ලිඛිත පැමිණිල්ලක් ලබා දුනහොත් ඒ ගැන නැවත පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග සාකචිජා කළ හැකි බව මාකන්දන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිරෝෂන් ලංකා ස්කයි නිවිස් කළ විමසුමකදී පැවසීය .

අවුරුදු 03කට ආසන්න කාලයක සිට කැස්බැව පොලිසියේ නිලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා මහජනයාට සහ ව්‍යාපාරිකයන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතාවය විසදාදීමට මැදහත්වන ලෙසට කැස්බෑව නගර සභාවේ ලේකම්තුමාගෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් , ගොනමඩිත්ත සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයෙන් සහ පොලිස් දෙපාර්තමේනතුවෙන් ඉල්ලා සිටිමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *