කැස්බෑව පොලිසිිියේ කොස්තාපල්වරයෙක් ඇදුම් ගලවා පහර දුන්නා යැයි තරුණියක් රෝහල් ගත වෙයි

කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අරුණ ඉන්දික නැමැත්තා බැලීමට පෙරේචා (03) වෙනිදා පාන්දර එම පොලිස් ස්ථානයට ගිය අවුරුදු (21) ක් වයසැති ඔහුගේ පෙම්වතියට පහර දී ඇදුම් ගලවා හිරිහැර කිරීම නිසා ඇය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි .

තරුණියගේ හිස කෙස් වලින් අල්ලා පහර දීම නිසා ඇයගේ නළලේ නිය පොතු පහර වල් ඇති අතර දකුණු උරහිසේ සහ වම් අතේ වැලමිටට උඩින් පහර දීම නිසා නිල් පාට වි තිබේ . වම් කකුලට පහර දීම නිසා දණ හිසට පහල කොටස් නිල් පැහැ ගැන් වි ඇත. තරුණියගේ බඩේ කැක්කුමට හේතුව අයිස් මත්ද්‍රව්‍ය යෝනියේ සගවාගෙන සිටිනවා දැයි පොලිස් කාන්කාව ඇයව පරික්ෂා කරද්දි , ශරීරයට විෂ බිජයක් ඇතුල් වි ඇතැයි වෛද්‍යවරු සැක කරන බව ද වාර්තාවේ .

තරුණියට කොණ්ඩෙන් අල්ලා පහර දී ඇත්තේ 73309 අංකය දරණ පොලිස් කොස්තාපල් හෙවත් මොල් නැමැත්තා බවත් පසුව ඇයව කාමරයකට ඇදගෙන ගොස් පොලිස් කාන්තාවක් ලවා ඇගේ ඇදුම් ගලවා යෝනියේ අයිස් සගවාගෙන සිටිනවා දැයි පරික්ෂා කරන තෙක් පොලිස් තොස්තාපල්වරයා එම කාමරයේ කුනුහරුප කියමින් , තමා දෙස නරුම විධියට බලමින් රැදි සිටි බව එම තරුණිය ලංකා ස්කයි නිව්ස් සමග පැවසුවාය .

කොස්තාපල් පොල් හෙවත් මොල් එදින පොලිස් ස්ථානයේ රැදි සිට ඇත්තේ බිමත්ව බවත් ඇය අප සමග කීවාය .

තරුණියට මෙසේ හිරිහැර කර ඇත්තේ , පොලිස් නිලධාරින් සිදු කරන කතා බහා පටිතග කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි . තරුණිය සමග සිටි ඔහුගේ පෙම්වතාගේ ලොකු අම්මාගේ පුතාව ද මෙසේ අත්අඩංගුවට ගෙන එදින දහවල් පොලිස් ඇප මත මුදාහැර තිබිණ .

ඇගිල්ලේ තරමට ඉදිමෙන් යැයි තර්ජනය කර ඇති තොස්තාපල් ‌පොල් හෙවත් මොල් වැඩිය දැගලුවොත් අයිස් දමා අත්අඩංගුවට ගන්නවා යැයි බිය ගන්නවා ඇත.

අරුණ ඉන්දික ු අත්අඩංගුවට ගනිද්දි ඔහු සන්තකයේ කිසිම මත්ද්‍රව්‍ය තිබි නැති බවත් ඉන්දිකව මිට පෙර අවස්ථාවත සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ සාජන් අල්විස් සහ රියදුරු මධුසංඛ යන ‌පොලිස් නිලධාරී ඔහුව නිදහස් කිරීම සදහා රුපියල් 10 .000 අල්ලස් මුදලක් ලබා ගත්තා යැයි ඉන්දිකගේ පියා විසින් කැස්බෑව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කරන ලද පැමිණිල්ලට පලිගැනීමක් වශයෙන් පොලිසිය ඉන්දිකට අතින් අයිස් දමා රක්ෂිතබන්ධනාගාර ගත කළ බව ඇය අප සමග වැඩිදුරටත් පැවසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *