ගල්කිස්ස ‌පොලිසිය කිර්ති රත්නව එල්ලා මැරූවාද?

ගල්කිස්ස පොලිස් කුඩුවේ රදවා සිටියදී මිය කිර්ති රත්න සිල්වාගේ මරණය පහර දිමකින් සිදු වු මරණයක් නොව ගෙලවැල දමා ගැනීම නිසා සිදු වු ඹරණයක් බවට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයා අද (11) දහවල් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුව පවසා ඇත.

මරණ පරික්ෂණ වාර්තාව හෙට (12) ගල්කිස්ස අධිකරණයෙන් ලබා ගන්නැයි අධිකරණ වෛද්‍ය නිලධාරීයා මරණකරුගේ ඥාතීන්ට දැනුම් දී ඇත.

රත්තරන් බඩු වගයක් සොරා ගත්තා යැයි ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය සිල්වාවා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනවාරි 08 වෙනිදාය . ඔහු ‌විසින් ගෙලවැල දාගෙන මිය ගියා යැයි කියන්නේ ජනවාරි 10 ‌වෙනිදා උදේය . සිල්වා රත්තරන් බඩු සොරකම් කළා යැයි ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිල්ල දමා ඇත්තේ සිල්වා නැවති සිටි නිවසේ හිමිකරුවන අජිත් නැමැත්තාය .

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවට අනුව සිල්වා මිය ගොස් ඇත්තේ ගෙල සිරවිමකින් බව සදහන් කර ඇත .

ඔහු මිය ගියේ සිල්වා විසින්ම ගෙල සිරකරගෙන යන ‌චෝදනාව පිළිගන්නට ඔහුගේ ඥාතීහු සුදානම් නැත . සිල්වාට පහර දි පසු පොලිස් නිලධාරීන් විසින් එල්ලා මරුවා ද යන සැකය ඥාතීට ඇත. ‌පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගත කරන තෙක් පොලිිසිය ඔවුන්ගේ ජිවිත වලට වගකිව යුතුය. .

පොලිස් සිරමැදියක් තුළ මිය ගිය පලමු සහ අවසාන පුද්ගලයා සිල්වා නොවෙයි .

පොලිසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිස් සිරමැදිරියට දමන්නට පෙර පැළ ද සිටින ඉන පටි සහ උඩුකය ඇදුම් සම්පුර්ණයෙන් ඉවත් කෙරේ . නමුත් සිල්වා ගෙලවැල දමගෙන මිය ‌ගොස් ඇත්තේ ලේස් පටියකින් බිත්තිය මත තිබු කොන්ක්‍රීට් ඇණයක එල්ලී බව පොලිසිිය පවසයි .

ඔහු ගෙලවැල දාගෙන ඇත්තේ නානකාමරයක බව ඥාතීහු පවසති . ඔහු සතු සියලුම දෙවල් සිරමැදිරියට දැමීමට පෙර ඉවත් කළා නම් සිල්වාට ලේස් පටියක් ලැබුණේ කෙසේද? සිරකරුවන් නානකාමරයට රැගෙන යන්නේ පොලිස් නිළධාරීයෙකු විසින්ය . ඒ වැනි තත්වයක් ඇතුලේ සිල්වා සිරකරුවන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසා ගෙලවැල දමා ගත්තේ කෙසේද? අනිත් වැදගත් කරණය කොන්ක්‍රීට් ඇණයක ලේස් පටියක් ගැට ගසා එල්ලී මියගියේ යන්න සැක සහිතය .

රාජගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රාජ්කුමාරිව පහර දී ඝාතනය කිරීමත් මතුද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සමන්ත ප්‍රිතී කුමාර පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කරන ලදී .‌ මෙම අවස්ථා දෙකෙ දීම පොලිසිය අධිකරණය පවා නොමග යවන්නට උත්සහ කළේය .

විශේෂයෙන් මෙහිදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව සහ ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය අපරාධකරුවන් හෙළිදරව් කරමින් සහ ඊට අවශ්‍ය මැදිහත්විම නොකරන්නට අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සැරිසරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed